Jul
04
සාද් ශරාෆ්වෛ මානසික වෛද්‍යවරයකුට පෙන්වන්නැයි උපදෙස්

මරපු සත්තු ගාන හිතාගන්නවත් බෑ
නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව වන සතුන් දඩයම් කල ප්‍රධාන සැකකරු හා අනෙකුත් සැකකරුවන් රන්දෙනිගල වනඡිවි අඩවි නිලධාරින් විසින් තෙල්දෙණිය අධිකරණයට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබිය.
අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 6 දෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රිරෝමනි නියාගම මහත්මිය නියෝග කළාය.
සැකකරුවන් සමග ඔවුන් පරිහරනය කල ගිනි අවි පොලිසිය විසින් අධිකරණයට ඉදිරපත් කරන ලදි.
වැලිමුවා, වල්ඌරා, මීමින්නා, හාවා, ඉත්තෑවා සහ දඩුලේනා ආදී වන සතුන් දඩයම් කර ආහාර පිණිස සකස් කරන ඡායාරූප ප්‍රථමයෙන් ප්‍රසිද්ධියට පත්වූයේ සමාජ ජාල වෙබ් අඩවි හරහායි.
ඒ අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය. ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද නීතිඥයෙකු මාර්ගයෙන් පන්විල පොලීසියට භාර වූ අතර ඡායාරූපවල පෙනී සිටි සෙසු සැකකරුවන් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූප මීට වසර 5ට එහා කාල සීමාවන්හිදී ලබා ගන්නා ලද ඒවා බවයි පොලිසිය පවසන්නේ. අදාල සැකකරුවන්ගෙන් කොපමණ කාලයක් කොපමණ සතුන් ප්‍රමාණයක් දඩයම් කර ඇත්දැයි ප්‍රශ්නකර නැති මුත් වසර ගණනාවක් තිස්සේ වන සතුන් විශාල ප්‍රමාණයක් මෙම පිරිස විසින් දඩයම් කර ඇති බවයි පොලිසිය පවසන්නෙ.
සාද් ශරාෆ් මෙලෙස සතුන් ඝාතනය කිරීමට ඔහුට ඇති කිසියම් මානසික රෝගයක් බලපාන්නට ඇතැයි විශ්වාස කරන පොලිසිය, සාද් ශරාෆ් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසට ඔහුගේ පියාට උපදේස් දී ඇතැයි වාර්තා වනවා.