Jul
21
ලංකාවේ විශාලතම කොකේන් තොගය කිලෝ 274ක් සීනි කන්ටේනරයකින් මතුවේ

මත්ද්‍රව්‍යය නාශක කාර්ය්‍යාංශය හා පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය ඒක්ව කල මෙම වැටලීම අද පස්වරු 6 30 ට පමණ සිදුකළහ, මෙම ජාවාරම් කරුවන් සීනි ගෙන්වන මුවාවෙන් සීනි ගෝනි තුල කොකේන් සූක්ෂම ලෙස හසුරා මෙම ජාවාරම කරගෙන ගොස් අැත මත්ද්‍රව්‍යය නාශක අංශය විසින් ඒම ගබඩාවේ තිබෙනා අනිතු කන්ටේනර බහාලුම්ද මේ වනවිට පරික්ෂා කරමින් පවතියි,
මීට මසකට පමණ පෙර පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය මගිනි කොකේන් කිලෝ 93ක් සොයාගෙන තිබේ ඒයින් ලද ඹත්තු අනුව පොලීසිය මෙම වැටලීම කර තිබේ.
මෙම කන්ටේනර රේගුවෙන් නිදහස් කළාදැයි සොයන බව පොලිසිය කියයි. ලංකාවේ කොකේන් ග්‍රෑමයක වීදි මිල රුපියල් විසි දහස ඉක්මවන බව පොලිසිය කියයි.
කොලොම්බියාවේ කොකේන් කිලෝවක වීදි මිල ඩොලර් 1,500කි (රුපියල් 219,210) . බ්‍රිතාන්‍යයේ කොකේන් කිලෝවක් ඩොලර් 77,000කි (රුපියල් 11,252,780).මෙක්සිකෝවේ කොකේන් කිලෝවක් ඩොලර් 12,000ක් (රුපියල් 1,753,680) පමණය. ලන්ඩන් මිල අනුව කොකේන් තොගයේ මිල රුපියල් කෝටි 300 ඉක්මවයි.
අද (21) රාත්‍රී 10 වන විට කන්ටේනර් පෙට්ටි 4ක් පරික්ෂා කර අවසන් වී අැති අතර තවත් කන්ටේනර් බහාලුම් 7ක් පිරික්සීමට නියමිතය. අාරංචිමාර්ග අනුව මෙම හෙරෝයින් ගෙනවිත් අැත්තේ බ්‍රසීලයෙන් බව පැවසේ
වීඩියෝව පහතින්