Jun
24
බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් ඉල්ලා අස්වේ
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කර තිබේ.
ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට තීරණය වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඩේවිඩ් කැමරන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කළේය.
ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේ තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත්වන බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් නොවිය යුතු බවට ඩේවිඩ් කැමරන්ගේ තීරණය වී තිබූ අතර එසේ ඉවත් වුවහොත් බ්‍රිතාන්‍යට ආර්ථික සහ ආරක්ෂක ගැටළුවලට මුහුණදීමට සිදු වනු ඇති බව ඔහුගේ අදහස වී තිබුණි.
කෙසේ වෙතත් ඊයේ පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව සියයට 52ක ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවටත්, සියයට 48ක ප්‍රමාණයක් එම සංගමයේ තවදුරටත් රැදීසිටිය යුතු බවටත් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.