Nov 05

සජින්වාස් සමග සජිත් නටන්න යන අලුත්ම නාඩගම

සජින් වාස් මහතාට මහින්ද රාජපක්ෂ මහතාගෙන් මරණීය තර්ජන" ලෙස පවසමින් දුරකතන සංවාදයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී. මෙම දුරකතන සංවාදයට සම්බන්ධ පාර්ශව දෙක ලෙස සැලකෙන්නේ ලොහාන් රත්වත්තේ මහතා හා සජින් වාස් ගුණවර්ධන මහතායි. කෙසේ වෙතත් මෙම දුරකතන සංවාදයේදී සජින් වාස් විසින් ලොහාන් රත්වත්තේ මහතාට පවසා සිටින්නේ තමාට සුලු හෝ හානියක් සිදු කළහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ මුලු පවුලම විනාශ කර දමන බවත්ය.
දැනට පවතින තොරතුරු මත මෙය මංගල සමරවීර හා සජින් වාස් සුසංයෝගයේ දේශපාලන බංකොලොත් භාවය වසා ගැනීමේ තවත් නින්දිත උත්සාහයක් බවටයි අනාවරණය වන්නේ. මේ පිළිඹද ලොහාන් රත්වත්තේ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා හැකි ඉක්මනින් නීතිමය පියවර ගැනීමට ක්‍රියාකරන බවත් ඉන්පසු එහි සත්‍ය මුලු රටටම හෙළි වනු ඇති බවටත් වාර්තා වේ.

රට දැය වෙනුවෙන් යුධ බිය මර බිය මුලිනුපුටා දැමූ මහින්ද රාජපක්ෂ වැනි රාජ්‍ය නායකයෙකුට එරෙහිව ව්‍යාජ්‍ය නිර්මාණ මගින් මෙවන් චෝදනා එල්ල කිරීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත්, මංගල සමරවීර වැනි දේශද්‍රෝහීන්ගේ බංකොලොත් භාවය එමගින් මනාව පිළිඹිබු වන බවත් දේශපාලන විචාරකයින්ගේ මතයයි..

සජින් වාස් ගුණවර්ධන බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාටද කණට ගැසුවේ යැයි චෝදනා ලැබූ අයෙක් වූ අතර මුදල් විශුද්ධි කරණය පනත යටතේ රුපියල් කෝටි 30කට අධික මුුදලක් අත්පත් කර ගැනීමේ චෝදනාද එල්ලවූ අයෙකු බවත් අනතුරුව අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබූ අයෙකු බවත් ප්‍රසිද්ධ කරුණකි. සජින් වාස්ගේ කියුම් කෙරුම් මනා ලෙස හදුනන මංගල සමරවීර ඉන් උපරිම පල ප්‍රයෝජන ලබා ගන්නා බව පෙනී යයි.

කූඨ ලෙස සැකසූ ලේඛණ සහ හඩපට මගින් රටම මුලා කිරීමේ උපන් හපන්කම් ඇති මංගල සමරවීර එය මැර බලයත් සමගින් සම්මිශ්‍රණය කර ඡන්ද ව්‍යාපාරය ජය ගැනීමේ බංකොලොත් වෑයමක මේ වනවිට නිරතවේ. මංගල යනු ආගම් වලට හා ආගමික නායකයින්ටද, වීරෝධාර රණවිරුවන්ටද දැඩි ලෙස අපහාස කරනු ලබන අයෙක් වන අතර එවැනි පුද්ගලයින්ගෙන් සදාචාරයක් කිසිදා බලාපොරොත්තු විය නොහැකි බවද අවධාරණය කළ යුතුය. අසත්‍ය වපුරන්නන් අතර මුල් තැන හිමි කරගෙන සිටින මංගල සමරවීර වැන්නන්ගේ නිරුවත මුලු රටේම බුද්ධිමත් ජනතාව මේ වන විට වටහාගෙන හමාරය. එබැවින් බොරුව ජනගත කිරීමේ ඔවුන්ගේ වෑයම තවදුරටත් නිශ්ඵල කාර්යයක් වනු නොඅනුමානය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.