Jun 02

යාපාගේ කාමර හයක් කබීර් අල්ලාගෙන මල පැන්න ලක්‍ෂමන් යාපා යන්න යයි

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාල කාමර හදිසියේම වෙන්කරගැනීම හේතුවෙන් එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ වැඩභාර ගැනීම දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිකළේ ය.


ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සුබමොහොතින් අද (02) පෙරවරුවේ සිය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමට නියමිතව තිබුණි.

එ් අනුව අමාත්‍යවරයා විසින් සිය ලිපිගොනු නව අමාත්‍යාංශ පරිශ‍්‍රයට රැුගෙන ගියද එ්වා තබාගැනීමට පවා ඉඩපහසුකම් නොමැතිවීම හේතුවෙන් කාර්ය මණ්ඩල නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වූ බව ද වාර්තා වේ.

මීට පෙර රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එරාන් වික‍්‍රමරත්න මහතාට ඔහුගේ නිල කාමරය හැර තවත් කාමර 9ක් තිබුණි.

ඔහු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වූ අතර ඊට පෙර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සියලූ නිල කාමර එරාන් වික‍්‍රමරත්න මහතාට ලබාදී ඔවුන් ඊයේ මුදල් රාජ්‍ය අමාත්‍යාංශ පරිශ‍්‍රයෙන් ඉවත් වී ඇති බව ද වාර්තා වේ.

අනතුරුව ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් ඊයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කලූනේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ පරිශ‍්‍රයට ගිය අතර, හදිසියේම එම අමාත්‍යාංශයේ තිබූ කාමර 9න් කාමර 6ක්ම කැබිනට් අමාත්‍යවරයාගේ වෙනත් ව්‍යාපෘතියක් සඳහා යොදවා ඇති බවට දැනුම් දී ඇත.

මින් මහත් අපහසුතාවට පත් ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා අදට යෙදී තිබුණු වැඩභාරගැනීමේ උත්සවය දින නියමයක් නොමැතිව කල් දමා මාතර බලා පිටත්ව ගොස් තිබේ.

මේ පිළිබඳ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාට දැනුම් දීමට කටයුතු කර ඇත.

එහිදී ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ලබන සඳුදා වනවිට මෙම ගැටලූව නිරාකරණය කරදෙන බව ය.

මේ පිළිබඳ රිවිර අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාගෙන් විමසීමක් කළේ ය.

”අපි මේ ප‍්‍රශ්නය සඳුදා වෙනකොට විසඳනවා. එරාන් ඇමැතිතුමාට කාමර 9ක් තිබුණා. එයින් 6ක් තමයි මේ වෙනත් ව්‍යාපෘතියකට යොදාගන්න කටයුතු කරලා තියෙන්නේ. අපිට පුළුවන් එ්ක කතා කරලා විසඳාගන්න. අපි ලබන සඳුදා වනවිට එ් අවශ්‍ය කටයුතු සියල්ල සම්පූර්ණ කරලා තියෙනවා. මේක එ්තරම් ලොකු ප‍්‍රශ්නයක් විදියට බලන්න එපා.”

රුචිර දිලාන් මධුසංඛ
මුලාශ්‍ර - රිවිර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.