Jun 15

කතාවෙදී එහෙම කළාට කොල්ලෙක්ව බෙදා ගන්න තරග කරන්නේ නෑ

මේ දවස්වල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ අනුහස්  (රවීන් කණිෂ්ක) ගේ ආදරය ලබන්න සටන් කරන දෙව්මි කියන කටකාර දඟකාර ගෑනු ළමයාගේ චරිතය රඟපාන්නේ නයනතාරා.

පෞද්ගලික තොරතුරු ටිකක් මුලින්ම අපට කියන්නකෝ?

මම සඳ ලංකාව මධ්‍ය මහා විදුහලෙන් සහ මද්දුම බණ්ඩාර විදුහලෙන් ඉගෙන ගත්තේ. දැනට මෙටේ‍රා් කැම්පස් එකේ ව්‍යාපාර අධ්‍යයන උපාධි පාඨමාලාවක් හදාරනවා.


 උපන් දිනය කියන්න කැමතිද?
1998-01-22

කොහොමද කලාවට යොමු වුණේ?
සාමාන්‍ය පෙළ කරලා ඉන්න කා‍ලේ මම”මායා ශක්ති” එකේ රංගන පාඨමාලාවක් හැදෑරුවා. ඔය කා‍ලේ තමයි “මීදුමින් එහා “ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ ඒ 2015දි.

මේ අවුරුදු 2ට නිර්මාණ කීපයකට දායක වෙලා තියෙනවද?
“මීදුමින් එහා “එරන් ලන්දු” “සමනලුන්ට එන්න කියන්න” “ප්‍රාණ” “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයවලයි “මා” “සිනෙමා” “එක දවසක අපි” “රෝහණ විජේවීරගේ කතාව” යන චිත්‍රපටවලට දායක වෙලා තියෙනවා.

 “දෙවැනි ඉනිම” නිසා නේද ලොකුම ජනප්‍රියත්වයක් ලැබුවේ?
ඇත්තටම ඔව්. දෙවැනි ඉනිමට මේ දවස්වල ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

දෙව්මි සහ නයනතාරා අතර සමානකම් තියෙනවද?
නැහැ නැහැ. මම නම් දෙව්මි තරම් කටකාර නැහැ.

කොහොමද දෙව්මිට තියෙන ප්‍රතිචාර?
(හිනැහි) අපේ ආච්චිත් මට කියනවා “මොනවාද බබා ලැජ්ජ නැද්ද ඔය විදියට කොල්ලෙක් පස්සෙන් යන්නේ” කියලා.

නයනතාරාට සැබෑ ජීවිතයේදීත් දෙව්මිට වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණොත්?
අනේ මම නම් තවත් ගෑනු ළමයෙක් එක්ක කොල්ලෙක්ව බෙදාගන්න තරග කරන්නේ නැහැ. මට ආදරය කරන කෙනා මම ඇර වෙන කෙනෙකුට ළං වුණොත් මම එයාටම භාරදීලා නිහඬ වෙනවා.

නයනතාරාගේ ආදරය ගැනත් කතා කරමු?
තවම එහෙම කෙනෙක් නැහැ. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙන තුරු ඒ වගේ දෙයක් ගැන හිතන්නෙත් නැහැ.

දෙවැනි ඉනිම රූගත කිරීම් අතරතුර රසවත් අත්දැකීම්වලට එහෙම මුහුණ දීලා ඇති?
දර්ශන තලය හරිම රසවත්. රවීන් අයියා, ශනු, මම හොඳම යාළුවෝ. සාරංග මෙන්ඩිස් මහත්තයත් අපිව මෙහෙයවන්නේ අපිව ඉතා හොඳින් තේරුම් අරගෙන. රවීන් අයියා විහිළු කතා කියන්න හරිම දක්ෂයි. නිකන් ඉන්න වෙලාවට එයා විහිළු කතා කියනවා. මටයි ශනූටයි හිනාව නවත්වගන්න බැහැ.
මතක් වෙන මතක් වෙන වෙලාවට හිනා යනවා. එක දවසක් මගෙයි ශනූගෙයි සීන් එකක් තිබුණා. ඒ වෙලාවේ අපි සීන් එකට ආවේ රවීන් අයියගේ විහිළු කතාවකට හිනා වේවි. කතාවේ හැටියට මටයි ශනූටයි හිනා වෙන්න බැහැනේ. අපි තරහයිනේ. ඒත් සීන් එකට එද්දීත් අපිට හිනාව නතර කරගන්න බැහැ. ඒ වේලාවේ හරිම අසීරුවෙන් තමයි මූඩ් එක හදාගෙන රඟපෑවේ.

ආරියවංශ කුලතිලක
මුලාශ්‍ර - ලක්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.