Jun 29

නොදැක ඉන්න බෑ ගීතයත් එක්ක මං ක්‍ෂේත්‍රයට ආවේ



මේ දිනවල ගීත රූපරචනාවල නිතර දකින චරිතයක් මෙවර තරු කතාබහට අපි එක්කර ගතිමු. නිරූපිකාවක මෙන්ම දක්ෂ නිවේදිකාවක ලෙසද ඇය හැඳින්වූවාට කිසිදු වරදක් නොමැත. ඇය නමින් ශෂී ඇන්ජලීනා ය. ඇය සිය කලා කටයුතු පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය.

 මේ දවස්වල මොනවද වැඩකටයුතු?

මේ දවස්වල දෙරණ නාළිකාවේ වැඩකටයුතුත්, මියුසික් වීඩියෝ වැඩත් කරගෙන ඉන්නවා.

 දෙරණ නාළිකාවේ වැඩකටයුතු මොනවද?

දෙරණ නාළිකාවේ වැඩකටයුතු කරන්න පටන් ගෙන දැන් අවුරුදු 05ක් වෙනවා. මියුසික් ප්‍රෝග්‍රෑම් එකක කරනවා සිංදු කාමරේ කියලා. ඒකෙ නිවේදන කටයුතු කරගෙන ඉන්නවා.

නිරූපණ ක්‍ෂේත්‍රයත් එක්කද නිවේදනය පටන් ගත්තේ?

වීඩියෝ එකක් මගින් තමයි මට නිවේදනය කරන්න ලැබුණේ. නිරූපණ ක්‍ෂේත්‍රයට ආවට පස්සේ තමයි නිවේදිකාවක් විදියට කටයුතු කරන්නෙ.

කොයි කාලෙද ඔබ නිරූපනයට එන්නේ?

2013 තමයි මම නිරූපණයට එන්නේ.

 මේ කාලය තුළ ඔබ ටෙලිනාට්‍ය රංගනයට යොමු වුණාද?

නිර්මාණ කටයුතු සඳහා ආරාධනා ලැබෙනවා. සියල්ල කතා කරගෙන හැමදේම අවසන් වුණාට පස්සේ ආව අයුතු යෝජනා නිසා ඒ දේවල් මගහැරුණු අවස්ථා තිබුණා. මම ඩිරෙක්ටර්ස්ලගෙ නම් කියන්නේ නෑ. මොකද ඒ අයට හොඳ නෑනෙ. ආරාධනා ලැබෙයිද නැද්ද කියලා දන්නේ නෑ . ලොකු කලකිරීමක් තියෙන්නේ ඇත්තටම. අපි දකිනවා අලුතින් එන අය චිත්‍රපටද, නාට්‍යයද හැම පැත්තෙන්ම ගිහින් තියනවා. ඒත් අපි ගොඩක් පරණයි. අපට ඒ චාන්ස් එක මිස් වෙන්නේ ඇයිද කියලා හිතාගන්න බෑ.

අලුත් අයට එවැනි අවස්ථා ලැබෙන්න ඔබ හිතන විදියට කුමක් නිසාද?

එයාලා කියන්නේ නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්න ඕනෙනම් පොඩි කැපකිරීමක් කරන්න අවශ්‍යයිලු. මම හිතන්නේ නෑ කැපකිරීම් කරලා යන්න ඕනෙ කියලා. මගේ හැකියාවෙන් මම මෙච්චර කල් මේ දේවල් අරගෙන ආවා. මම හිතන්නේ නෑ කවුරුත් වෙනුවෙන් කැපකරලා මීට වඩා තවතවත් ඉදිරියට යන්න ඕනෙ කියලා. මට ලැබිය යුතු තැන, මිනිස්සුන්ගේ ආදරය හැමදෙයක්ම ලැබිලා තියන නිසා සතුටුයි.

 නිරූපණයට යොමුවුණ කෙනෙක්ට රංගනයට එන්න බැරි බාහිරෙන් එන දේවල් නිසාද?

මම හිතන්නේ දක්ෂතාවට අවස්ථාවක් තියෙනවා. ඊට එහා ගියපු මොකක් හරි තියෙනවා අපට හිතාගන්න බැහැ. අපි දකිනවා ටෙලිනාට්‍ය පැත්තෙන්ද, වැඩසටහන් පැත්තෙන්ද එක්තරා කොටසක් විතරයි සීමාවෙලා තියෙන්නෙ. ඒ හේතුව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම අපට තවතවත් ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ.

 කැපකිරීමක් කරන්න ඕනෙ කියලා අදහස් කරන්නේ මොකක්ද?

කැපකිරීමක් කියන්නේ, මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අප හිතමු අධ්‍යක්ෂ කෙනෙක් කියනවා මම ඔයාට ප්‍රධාන චරිතය දෙන්නම් හැබැයි ඔයා මාත් එක්ක කතා කරලා ඉන්න. මට ඒක කියන්න බැහැ පත්තරයක්නේ.

 මේ දේවල් නිසා මේ ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් දැනෙන්නේ නැද්ද?

ගොඩාක් කලකිරීමෙන් ඉන්නෙ. අපි මේ ක්‍ෂේත්‍රයට එන්නේ හැමෝම වෙනුවෙන් හොඳ නිර්මාණයක් කරන්න හිතාගෙන. ඒ දේවල් ලැබෙන්නේ නැති වෙනකෙට හරි දුකක් දැනෙනවා. ඒත් එක්කම ඒ දේවල් නොකර අපි මේ ඉන්න තත්ත්වේ ගැන හිතද්දි ලොකු සතුටකුත් දැනෙනවා.

නිවේදනය තුළ කාලයක් ඉන්නවා කොහොමද අත්දැකීම් හා ඒ දේවල්?

ඇත්තටම සතුටුයි මම දැන් අවුරුදු 05ක් වෙනවා දෙරණ එක්ක එකතු වෙලා. අද වෙනකම් කිසිම දවසක මට ඒ චැනල් එකෙන් කිසිම වචනයක්වත් අහන්න ලැබිලා නෑ. හරිම සතුටුයි. හරිම ආසාවෙන් තමයි මම වැඩ කරන්නේ. හැමදාම නිවේදනය කරන්න බෑනේ. හදිස්සියෙවත් මට යන්න වුණොත් ලොකු දුකක් දැනෙයි මට, ඒ වගේ හොඳ චැනල් එකක් අතහරින්න වෙන එක ගැන. නිවේදනය කරනකොට මාත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියත් හරිම හොඳයි වැඩ කරන්න ලේසියි.

 මුලින්ම ඔබ නිවේදනය සඳහා දෙරණ ආයතනයටද සම්බන්ධ වුණේ?

ඔව්. දෙරණ ආයතනයට

ලංකාවේ ප්‍රසිද්ධ නාළිකාවක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

ඒ සඳහා දක්ෂතාව වගේම වාසනාවත් තියෙන්න ඕනෙ. මම පළමු වැනි පාරට නිවේදනය කළේ ඉගෙන ‍ගෙන නෙවෙයි. බයක් දැනුණා මුලින්ම මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. හැමෝගෙම සහයෝගයත් එක්ක මම දැන් අවුරුදු 05ක්ම නිවේදනය කරනවා.

 අද මියුසික් වීඩියෝවලට අමුතුම රැල්ලක් හැදිලා තියනවා. අඩනිරුවත්ව මේ දේවල් සඳහා ඔයාට ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා ලැබිලා තියෙනවා. මම මුලින්ම බලනවා මොනවද සීන්ස් තියෙන්නෙ කියලා. නිළියක්, නිරූපිකාවක් විදියට එයාලට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෙ නම් ඒක මම වැරැද්දක් විදියට දකින්නේ නෑ.

මේ රැල්ල නිර්මාණ හැකියාවක් විදියටද ඔයා හිතන්නේ ඒක පිළිගන්නවද ඔයා?

අපට කෙනෙක් රඟපාන්න කතා කරන්නේ ඒ කෙනාට ඒ නිර්මාණය හරි විදියට ඕනෙ කියලනේ. අපි එතැනට ගිහින් එයාට ඕනෙ විදිය අහගෙන ඒ දේට සාධාරණයක් අපට කරන්න පුළුවන්නම්, මම හිතන්නේ නෑ එතැන වැරැද්දක් තියෙනවා කියලා.

මේ නිරූපණය පැත්තට ඔබ යොමුවෙද්දී ගෙදරින් මොනවගේ ප්‍රශ්නද ආවේ?

මගේ දක්ෂතාව අනුව මම යන ක්‍ෂේත්‍රය ගැන එයාලට සතුටක්. මම කැමති දේට එයාල ඉඩදීලා තියෙන්නේ එයාලගෙන් සහයෝගය ලැබෙනවා.

කලාව නිසා පෞද්ගලික ජීවිතේ ඔයාට මගහැරුණු දේවල් තියනවාද?

කලාව නිසා පෞද්ගලික ජීවිතේ මගහැරුණු දේවල් නෑ.

 කලාව හා පෞද්ගලික ජීවිතය ගතකරද්දී තෘප්තිමත්වද ජීවිතය ගතකරන්නේ?

ඔව් ඉතින් හැමදේම බැලන්ස් කරගෙන යන නිසා එහෙම දෙයක් වෙලා නෑ.

 ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉදිරි බලාපොරොත්තු ඉතින් මේ ක්‍ෂේතයේ අපට හැමදාම ඉන්න ලැබෙන්නේ නෑ. අලුත් අය එනවා යනවා. අපටත් එහෙම තමයි ඉදිරියේදී එන දේවල් කරගෙන පෞද්ගලික ජීවිතයේදී ව්‍යාපාරයක් කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

මේ ක්‍ෂේත්‍රය තුළ සාර්ථකත්වයක් ලබාගෙන තියනවාද?

සාර්ථකත්වයක් ලබාගෙන තියනවා ඇත්තටම. දැන් අවුරුදු 05ක් වෙනවා, %නොදැක ඉන්න බෑ^ ගීතයත් එක්ක ඇවිත් මේ ක්‍ෂේත්‍රයට. ප්‍රේක්ෂකයෝ මට ආදරේ කරන තරම්, මාත් එක්ක ඉන්න තරම්, බලද්දි ඇත්තටම හරි සතුටුයි. මම හිතනවා මම සාර්ථකයි කියලා.

 අවසාන වශයෙන් ඔයාගෙ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

ආදරය කරන අයට මට කියන්න තියෙන්නේ ඉදිරියේදී මට ලැබෙන දේවල් එක්ක ඒ දේවල්වලට සාධාරණයක් වෙන විදියට ඉන්නවා ඔයාලා එක්ක. ප්‍රේක්ෂකයො නිසා තමයි අපට මේ තැන ලැබෙන්නේ. ප්‍රේක්ෂකයෝ නැත්නම් අපට ඇත්තටම තැනක් නැහැ. මොකද එයාලා නිසා තමයි අපි සතුටින් ඉන්නෙ. ඒ නිසා මට ආදරේ කරන හැමෝටම මමත් ආදරෙයි.

- අද
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.