Jun
29
ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට ගුරුවරියක් තව ගුරුවරියකට තර්ජනය කරලා

එම පාසලේ උගන්වන ගුරුවරියක් විසින් එම පාසලේම උගන්වන ළාබාල ගුරුවරියකට සිදු කළ මේ තර්ජනය නිසා පාසලේ සියලුම බාහිර ක්‍රියාකාරම් හා අධ්‍යාපනය ද බිඳ වැටී ඇති බව මවුපියෝ චෝදනා නඟති. අදාළ ළාබාල ගුරුවරිය පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වන අතර ඇයට තර්ජනය කළ ගුරුවරිය පාසලේ හතර ඒ ශේර්ණිය භාරව කටයුතු කරමින් සිටියි. ඇය ප්‍රදේශයේම මහ විද්‍යාලයක වසර 20ක සේවා කාලයකින් පසු 2012 වසරේදී මෙම ප්‍රාථමික පාසලට මාරුවක් ලබා ගෙන පැමිණ තිබේ.
ඉකුත් දිනකදී මෙම ඉංගී්‍රසි ගුරුවරිය විසින් හතර ඒ ශේර්ණිය හා බී ශේ්‍රණියේ දරුවන් පන්ති කාමරයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සූදානම් වී පන්ති වාර්තා පොතද රැගෙන පිටව යෑමට සූදානම් වී ඇත. ඒ අවස්ථාවේදී පන්ති කාමරයට පැමිණි පන්ති භාර ගුරුවරිය පවසා ඇත්තේ පන්ති වාර්තා පොත පන්තියෙන් පිටතට රැගෙන නොයන ලෙසත් එසේ රැගෙන යෑමෙන් එය අපිරිසුදු වන බවත් අවශ්‍ය නම් කාලපරිච්ඡේදය අවසන් වී යළි පැමිණ අස්සන් තබන ලෙසත්ය. ඒ අනුව ඇගේ අණට කීකරු වූ ළාබාල ඉංග්‍රීසි ගුරුවරිය අදාළ පාඩම උගන්වා අවසානයේ ළමයකු යවා පන්ති වාර්තා පොත ගෙන්වාගෙන එය අස්සන් කර තිබේ.
ඊට පසු දින පාසලට පැමිණි පන්ති භාර ගුරුවරිය ඉංග්‍රීසි ගුරුවරිය පොතේ අස්සන් කළේ කෙසේදැයි නොදැන ඇය තම කබඩ් එක හොර යතුරකින් ඇර පන්ති වාර්තා පොත අස්සන් කර ඇති බවත්, කබඩ් එකෙහි තිබූ තවත් පොත්පත් සොරාගෙන ඇති බවත් චෝදනා කරමින් ඇගේ ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට තර්ජනය කර තිබේ. අදාළ ඉංග්‍රීසි ගුරුවරිය විසින් මේ පිළිබඳ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.
මෙසේ තර්ජනය කළ ගුරුවරිය ශිෂ්‍යත්ව ළමයි සඳහා ටියුෂන් පන්ති පවත්වන අතර ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසලේ සවස පන්ති පවත්වන නිසා සිදුවන බාධාව හේතුවෙන් එම ඉංග්‍රීසි ගුරුවරියගෙන් මෙසේ පළි ගන්නා බවට මවුපියෝ කියා සිටියහ. සිදුවීම වූ දිනට පසු දින සවසද මෙම ටියුෂන් පන්ති පවත්වන ගුරුවරිය හා එම පාසලේම ගුරුවරයෙක් පාසලට පැමිණ ළමයින් රැගෙන යෑමට එන මවුපියන්ට පවසා ඇත්තේ ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසලේ පැවැත්වීම නිසා ටියුෂන් පන්ති පැවැත්වීමට නොහැකි බවත් පසු දිනයේ සියලුම දෙනා පාසලට පැමිණ ඒ වෙනුවෙන් විරෝධයක් ප්‍රකාශ කරන ලෙසත්ය.
ඒ අනුව තම දරුවන්ගේ ටියුෂන් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් කිපුණු මවුපියන් කොටසක් පසුදා උදෑසන (23දා) පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී විදුහල්පතිතුමාටද තර්ජනය කර පරුෂ වචනයෙන් බැන පාසලේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා වන අයුරින් කලහ කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදීම පාසලේ විදුහල්පතිවරයා නවගත්තේගම පොලිසියේ ස්ථානාධිපතිතුමාට දන්වා පැමිණිල්ලක් දමා ඇති අතර ස්ථානාධිපතිවරයා පැමිණ මවුපියන් පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 25 වැනිදා නවගත්තේගම පොලිස් ස්ථානයේදී විදුහල්පතිවරයා හා මවුපියන් කැඳවා කරුණු විමසීමක් සිදු කළ ස්ථානාධිපතිවරයා සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳ අප කළ විමසීමකදී පුත්තලම කලාප අධ්‍යක්ෂ ඩබ්ලිව්. පී. එස්.කේ. විජේසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකි.
මේ ගැන සොයා බැලීම අපි මේ වෙද්දීත් ආරම්භ කරලා තියෙනවා. අපි අද දිනයේ (29දා) පාසලට යෑමට සූදානම් වෙලා ඉන්නවා. ඒ අනුව අදාළ ගුරුවරියන් දෙදෙනා අතර ඇති වුණු මතභේදය ගැන සොයා බලා ඔවුන් සඳහා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.
වයඹ පළාත් අධ්‍යාපන ඇමැති සන්ධ්‍යා රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.
මේ සම්බන්ධව මටත් ආරංචි වුණා. මේ වෙද්දි මම මේ ගැන පරීක්ෂණයක් කරන්න කණ්ඩායමක් යොමු කරලා ඉන්නෙ. මමත් මේ පාසලට ගිහින් සොයා බැලීමක් සිදු කරනවා.