Mar
13
ඉංගිරියේ නාච්චිමලේ නාපු තරුණයින් තුන්දෙනෙකුට වෙච්ච දේ
මරණයට පත්වී ඇත්තේ රත්මලාන අංක 36/30 දුම්රිය නිවාසවල පදිංචිව සිටි මදුරංග සුදර්ශන (31), රුවන් දිලීප නදීශාන් (28) සහ සමිඳු මධුසංක (20) යන තිදෙනා බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මියගිය තිදෙනාගෙන් දෙදෙනකු එකම පවුලේ සහෝදරයන් බවට සැකයක් පවතින බව ද පොලිසිය පැවසීය.
මියගිය අයගේ මළසිරුරු ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ අද (13 දා) පැවැත්වීමට නියමිතය.