Mar 22

සාරංග හා උමාලිගේ කසාදයට වින කෙටු ධනුකගේ ලේනාගේ සම්පුර්ණ කතාව මෙන්න

සාරංග උමාලි විවාහය දෙදෙරා යාම සත්‍යයක් යැයි අප මුලින්ම හෙළිදරව් කළා. ඊට ආසන්නතම හේතුව වූයේ ඔවුන් දෙදෙනා මාධ්‍ය තුළින් එය වසන් ගැනීමට දරණ උත්සාහය නිසා සහ එම පුවත බොරුවක් යැයි වෙනත් මාධ්‍යවලින් ප්‍රචාරය වූ නිසාමය.

කෙසේ වුවද ලේනෙක් නිසා සාරංග හා උමාලි යන දෙදෙනා වෙන් වු බව මේ වන විට සැවෝම දන්න කාරණයක්.

එහෙත් කිරියි පැණියි වගේ හිටිය විවාහපත් යුවළක් ලේනෙකු නිස විරසක වෙයිද? ඒකම වෙන්වීමට හේතුව ලෙස පිළිගැනීමට නොහැකි නිසා අපි උමාළිගේත් උමාළිට ලේනා දුන්නා යැයි පවසන ධනුකගේත් සාරංගගේත් සමීප හිතවතුන්ගෙන් ඔවුන් සමග ක්ෂේත‍්‍රයේ එකට වැඩකරන හිතුවතුන් සමග කතා බහ කළා. ඒ කතා වලින් සිදුවෙන විදියට බොහෝම ආදරණීය විවාහ යුවළක් ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය මේ යුවළගේ ජීවිතයට කණකොකා හැඩුවෙය් අද ඊයෙක නොවෙයි.

සාරංග උමාලි විවාහය දෙදෙරා යාමට මුලික හේතුව උමාලි නව පරපුරේ රංගන ශිල්පියෙකු වන ධනුක දිල්ෂාන් සමග වසර දෙකකට ආසන්න කාලයක් රහසිගතව පවත්වාගෙන ආ පේ‍්‍රම සම්බන්ධය බව අප පැවසුවා.

වසර දෙකකට ආසන්න කාලයක් සාරංග රහසේ පවත්වාගෙන ගියද ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට මේ අසම්මත පේ‍්‍රම සම්බන්ධය රහසක් නොවී ඇත. එයට හේතුව ධනුකට එය රහසක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවීම බව විශ්වාස ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු ක්ෂේත‍්‍රයේ හිත මිතුරන් සමග තම අසම්මත පේ‍්‍රම කතාවේ දිග පළල සේම අතිශය රහසිගත තොරතුරුද කිසිදු විළියකින් තොරව ප‍්‍රසිද්ධියේ පවසා ඇත.

තමා සාරංග විදෙස් ගතවන විට සාරංගගේ නිවසට පනින බවත් උමාලි සාරංගට රහසින් තම නිවසට පැමිණෙන බවත් තම මවත් ඒ පිළිබවද දන්නා බවත් ධනුක විසින් ක්ෂේත‍්‍රයේ හිතවතුන්ට රස කරමින් පවසා ඇත. ඇතැම් මිතුරන් මේ අසම්මත පේ‍්‍රමයට උල් පන්දම් ලබාදී ඇති අතර ඇතැම් හිතවතුන් ඒ පිළිබදව ධනුකට පෞද්ගලිකව සේම ප‍්‍රසිද්ධියේද දෝෂාරෝපණය කර ඇත.

ධනුක උමාලිට ලේන් කතාව එහි අතුරු කථාවකි. ධනුක උමාලිට ලේනෙකු දුන් බව සැබෑවකි. ඒ ලේනා උමාලිගේත් ධනුකගේත් පේ‍්‍රමයේ සංකේතයක් බව ධනුකගේ සමීපතම හිතවතුන් පවසයි. ධනුකට සමීපතමයන් අමතන්නේ ඩිංකි යන සුරතල් නාමයෙනි. උමාලි ධනුක විසින් ලබාදුන් ලේනාට දමා තිබුණු නමද ඩිංකිය. “ඩිංකි මගේ පන” යනුවෙන් ලේනා සමග ගත් පින්තූර ඇය ඉන්ස්ටග‍්‍රෑම් තම ගිණුමටද එක්කර තිබුණි.

හිතවතුන් පවසන්නේ ඒ ඇය වියංගයෙන් ප‍්‍රසිද්ධියේ ධනුකට ඇති ආදරය ප‍්‍රකාශ කිරීමක් බවය. එසේම ධනුකද ඩිංකි සමග ගත් පින්තූර ඔහුගේ ගිණුමට එක්කර ඇත. කෙසේ නමුත් මේ පේ‍්‍රම රංගනය සාරංග දැනගත් පසු බොහෝ උපේක්ෂාවෙන් උමාලිට අවවාද අනුෂාසනාද දී කළ වරද්දට සමාව ලබාදී ඇති බව දෙපාර්ශවයටම හිතවත් ක්ෂේත‍්‍රයේ උදවිය පවසයි.

ඔච්චර දෙයක් වෙලත් සාරංග උමාලිට සමාව දීලා. ඒ බව දැනගත් ක්ෂේත‍්‍රයේ උදවිය තැනතැන කතා වුනේ ඒ විදියටය. අවස්ථා කීපයකම සාරංග විසින් උමාලිට සමාව දී ඇති බවත් නමුත් ඇය තම වැරැද්ද නිවැරදි කර ගැනීමට පුංචි හෝ උත්සාහයක් නොගෙන ඇති බවත් තවදුරටත් ඒ වැරුද්දම සිදුකර ඇති බවත් පවසන්නේද ක්ෂේත‍්‍රයේම උදවියය.

ධනුකමට දොස් කියන්න බැහැ. උමාලිත් දැනගන්න ඕනෑ. මොකද ධනුක බලහත්කාර කමින් සම්බන්ධය තියාගෙන යනවා නෙවෙයිනේ. තම ක්ෂේත‍්‍රයේ මිතුරෝ තම මිතුරාගේ ක‍්‍රියාව සාධාරණීකරනය කරන්නේ එලෙසින්ය. ක්ෂේත‍්‍රයේ උදවිය පවසන ආකාරයට අවසාන වතාවට සාරංගත් උමාලිත් ප‍්‍රසිද්ධියේ සහභාගීවී ඇත්තේ හිරු නත්තල් උත්සවයටය. එහිදී සාරංග හා උමාලී එක්ව සිටිනු දැක ධනුක බෙහෙවින් අවුල් සහගතව සිටි බවත් උමාලිත් එලෙසින්ම අවුලෙන් සිටි බවත් ඔවුන්ගේ සමීපතමයින් පවසයි. තතුදත් ආරංචි මාර්ග පවසන ආකාරයට සාරංග උමාලි විවාහය දෙදරා ගොස් ඇත්තේ ඊට හරියටම දවසකට පසුවය.

ඒ නත්තල් උත්සවයකට යන බව පවසා මෝටර් රථයත් රුගෙන නිවසින් ගිය උමාලි එදින රුයේ නිවසට පැමිණ නැත. ඇය එදින රුය පහන්කර ඇත්තේ ධනුගේ නිවසේ බව ධනුකගේ සමීපතමයන් පවසයි. උමාලි නොමැතිව කලබලයට පත්වු සාරංග සහ උමාලිගේ පවුලේ උදවිය ඊට පසුදා උමාලි ධනුගේ නිවසේ සිටියදී සොයාගත් බවද ඔවුන් පවසයි.

ධනුකද උමාලි සමග රැය පහන් කර ඊට පසුදා උදෑසන රූගත කිරීමකට ගොස් ඇත්තේද හොදටම ප‍්‍රමාදවී බවද ආරංචි මාර්ග සදහන් කරයි. එදායින් පසු සාරංග උමාලිව නැවත තම නිවසට භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා උමාලිගේ පවුලේ උදවියට ඇය ඔවුන්ගේ නිවසට රැුගෙන යාමට සිදුව ඇති බවත් ආරංග ඇය ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ධනුගේ බලපෑමෙන් තම දියණිය බේරා ගැනීමට ඇයව ජපානයේ සගවා තබා ගැනීමට ඇගේ දෙමාපියන්ට සිදුවු බවත් මේ නිසා ධනුක ඒ දිනවල පිස්සෙක් සේ උමාලි සොයා හැසිරුණු බවත් ඔහුගේ මිතුරන් පවසයි.

උමාලි ලංකාවෙන් යෑමට මත්තෙන් තමා යන බවත් කලබලයක් නොකර සිටින බවත් ධනුකට කෙටි පණිවිඩයකින් දැනුම් දී ඇති බවද ධනුක විසින්ම තම හිතවතුන්ට පවසා ඇත. කෙසේ වෙතත් මේ සිදුවීම සමග සාරංග උමාලි පිළිබවද කළකිරීමෙන් සිටින බවත් ඔහු නැවතත් උමාලි සමග එක වහලක් යට සිටීමට අකමැති බවද ක්ෂේත‍්‍රයේ උදවිය පවසයි.

මේ අතර සාරංග හට උමාලි සමඟ නැවත එක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මේ වන විට දික්කසාද නඩුවක් දමා ඇති බවත් එම නඩු විභාගය අප්‍රේල් මාසයේ පමණ විභාග වන බවත් සමීපතම ආරංචි මාර්ග පවසයි.

සාරංග මේ ගැන මුනිවත රකින්නේ නඩුව නිසා බවත් එම ආරංචි මාර්ග පවසයි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (9)

Loading... Logging you in...
  • Logged in as
buduammoooooooo mu kiyana boru - mita dukata path sarwabaladari www
Ara ahinsaka kollo 2nawama kewa..eeya hallo.ochcharama amaruwak thibbanam merry nokara ayale yanna thibbane..aparade sarangage jivite...danuka kiyannet ethin rahat wechcha minihek newei .gehenu denaganna oni paul jivite rekaganna gaurawayen..thuu mehemat genu..oniwata wada panditha unamat waradinawa...japane enna aka hari loku deyak umalita..moda genuuu...
ජිල්ලා's avatar

ජිල්ලා · 423 weeks ago

එහෙනං මේකයි ඇත්‍ත... සාරංගයා රඟපාන්නෙ කැමරාව ඉස්සරහ. ඒක උගෙ රස්සාව. ඒ වුනාට මුං දෙන්නනෙ නියම රඟපෑම කරලා තියෙන්නෙ..
Danuka kiyanne ahinsaka pawul kadana jada ballek kiyala hithenne mata witharada??
genu redda ussaddi hukanawa thama, den balapalla mama genawa chuti petikki
May article eke thiyenne kathawe eka paththai. Api aththa naththa nodana kaatawath banala wadak na. Egollange jeewitha egollo geniyai. Kohomatath ithin apey lankawe minissu annunge ewa gana hoyandai, gaanunta warada patawanna hari dakshai ne
සිවා's avatar

සිවා · 423 weeks ago

දනුකයා ඉතින් කොයි වෙලෙත් සූස්තියයි, කොකේනුයි ගහගෙන ඉන්න එකානෙ.. දෙමටගොඩ අපි දන්නෙ නැද්ද මුගෙ කෙරුවාව..
Muutath nangi kenek innawa neda? Ekitath ithin dawasaka wenne oya tikama thamayi. Ethakota muuta thereyi
mokatada ban umbe lenawa eka eka pennana yanne ekane mea serama karadara

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.