Mar
27
අලුත් පත්තරේ කරන්න යන ජන කෑරෑල්ල මෙන්න
පහුගිය කාලේ අපේ රටට අලුත් මාධ්‍ය ආයතන කිහිපයක් එන්න යනවා.... ඒවා මෙහෙමයි ඒවා අරමයි කියලා එකඑක්කෙනා එක එක විදිහේ දේවල් කිව්වා. ඒ කතාවල එක දෙයක් තවත් දවස් කිහිපයකින් යතාර්ථයක් බවට පත්වෙන්න යනවා කියලා ආරංචියක් පැතිර යනවා. ලැබුනු තොරතුරු අනුව නම් පත්තරයක් තමයි හෙට අනිද්දා ජනතාවගෙ අතට එන්න යන්නේ.
කවුරු කොහොම කිව්වත් ලංකාවේ දැනට තියෙන පත්තර හැම එකක්ම වගේ පක්ෂ භේදවලින් පිරිලා. හැබැයි හෙට අනිද්ද එන්න හදන මේ අලුත් පත්තරේ නම් සර්ව සාධාරණ විදිහට තමයි වැඩේ කරන්න හදන්නේ. දේශපාලන ක්ෂේත‍්‍රයේ පැත්තක් ගන්නේ නැතිව හැම පාර්ශවයකටම අවස්ථාවක් ලබාදෙමින් ජනතාව දැනුවත් කරන්න මොයාල ලෑස්තියිලු. ඒ වගේම ජනතාවට ඇත්ත කියන්න උත්සාහ කරන හැමකෙනෙක්ටම මේ පුවත්පත හරහා ඉඩකඩ සැලසෙනවා. අපේ රටේ සිදුවන දූෂණ චෝදනාවල ඇත්ත නැත්ත හෙළිකරමින් ජනතාව දැනුවත් කිරීමකුත් මේ හරහා සිද්ධ වෙනවා.
ඒ විතරක් නෙමෙයි ලංකා ඉතිහාසයේ පළවැනි වතාවට ආසියාවේ තියෙන හොදම පි‍්‍රන්ටින් මැෂින් එක භාවිතා කරලා තමයි මෙයාලා මේ වැඩේ රටටම දැනෙන විදිහට කරන්න උත්සාහ කරන්නේ. හැමදේකටම වඩා වටිනා දේ තමයි ජනතාව වෙනුවෙන් හඩක් නගන්නට මින් මතුවට තමන්ට වෙච්ච හැම අසාධාරණයක්ම රටටම හෙළිකරමින් සාධාරණය ඉෂ්ඨ කරගන්න තියෙන එකම මාර්ගය තමයි මේ පුවත්පත