Mar 03

අලුත් මගුලක් කරගෙන පුතා ලුණු ඇඹුල් සහිතව බුකියේ බෑන්න කතාව මෙන්න

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ “My Father Passed Away On 1ST of March 2017″ (මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය) බවයි


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වෙබ් ගොසිප් අප වික්ටර් රත්නායකගේ පුතුණුවන් වන ලෙලුම් රත්නායක මහතාගෙන් විමසීමක් සිදුකළා.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ එම ෆේස්බුක් සටහන වැරදීමකින් නොදැමූ දෙයක් බවත්, එය තමන් විසින් පළ කළ දෙයක් බවත්ය.

එයට හේතුව පෞද්ගලකි හේතුවක් බවයි ඔහු සඳහන් කළේ.

අප වැඩිදුරටත් විමසා සිටියදී ඔහු කියා සිටියේ තමාගේ පියාණන් වන වික්ටර් රත්නායක වෙනුවෙන් සිය සහෝදරයා සහ තමන් විශාල කැපකිරීම් රාශියක් කළ ඇති බවත්, නමුත් එයින් කිසිදු පළක් නොවු බවත්ය.

පසුගිය දිනක තමගේ මව සිහිකැඳවීම සඳහා දානමය පිංකමට පවා වික්ටර් රත්නායකයන් නොපැමිණි බවයි.

එයට හේතුව වී ඇත්තේ තමාගේ පියාව වෙනත් කාන්තාවක විසින් මුලාවට පත්කර ගනිමින් සිටින බවත්, එම කාන්තාවට අවශ්‍ය විදියට වික්ටර් රත්නායකයන් හැසිරෙන් බවත්ය.

මෙම ගැටලුව මීට අවුරුදු කිහිපයකට පෙර සිටම පැණනගිමින් තිබෙන බවත්, එය තමන් සහ තමන්ගේ සහෝදරයා ඉවසාගෙන සිටි බවත්, ඔහු විසින් වෙබ් ගොසිප් වෙත කියා සිටියේය.

කෙසේ වෙතත් සමාජයේ මිනිසුන් දකින වික්ටර් රත්නායකයන් සෑබෑ ජීවිතයේදී නොමැති බවත්, ඔහු දරුවන් කියන දේට පවා ඇහුම්කන් නොදෙන බවත් පැවසුවේය.

තමන් සහ තම සහෝදරයා වික්ටර් රත්නායකයන්ගේ ශ්‍රී නාමය රැක ගැනීමට කැප කිරීම් රාශීයක් සිදු කළද? තමන්ගේ පියා දරුවන් ගැන නොසිතා වැඩ කටයුතු කරන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය දා සිදුවූ සිදුවීමකදී තම පියාණන් තමාට දුරකථනයෙන් අමතා “ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා“ යනුවෙන් කියූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විශාල අනාවරණ රාශියක් කළද… අප කළ යුත්තේ රටක් දන්නා පුද්ගලයෙකුගේ ප්‍රශ්න තවත් ඇති කරනවාට වඩා එය තවදුරටත් නිරවුල් වීමට ඉඩ හැරීමේ තත්ත්වයට ඉඩ හැරීම පමණි. එම නිසා අප දන්නා තවත් කරුණු මෙහි පළ නොකර සිටින්නෙමු.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.