Mar 14

ලකුණු අතර සිටියදීත් මාව අයින් කළා මට ගොඩ එන්න පාර කිවුවේ සනත්

ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බව ආරම්භක පිතිකරු උපුල් තරංග පවසනවා.

පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් එ් නිසා ක්‍රීඩකයෙකුට තම ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වන බවත් තරංග මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

තවද එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවීමත් මානසික වශයෙන්ද තම ආත්මවිශ්වාසය ගොඩ නගා ගැනීමට විශාල පිටුවහලක් වූ බවද තරංග කියා සිටිනවා.

පසුගිය වසර කිහිපය තුළ තමන් එක් ටෙස්ට් ඉනිමකදී පමණක් අසාර්ථක වූ බවත් ඒ හැරුණු කොට තමන් ලකුණු අතර සිටියදීත් කණ්ඩාමමෙන් ඉවත් වීම පිළීබඳව ඔහු කනස්සල්ල පළ කළ සිටියා. ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළ සිටියේ විදේශ වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

“මගේ ජිවිතයට ලොකුම බලපෑම කරේ සනත් ජයසූරියයි. මගේ ක්‍රීඩා විලාශය ඔහු හොඳට අඳුන ගත්තා. මම සනත් එක්ක අවුරුදු ගානක් එකට සෙල්ලම් කරා. සනත් මට මං ගැන ලොකු විශ්වාසයක් ඇති කරා” යනුවෙන් උපුල් තරංග පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ විදේශ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

මම ගාල්ලේදී ශතකය ලබාගත් පසුවත් සනත්, තේරීම් කමිටු සභාපති උවත් නැතත් තමන් සමග විවිද පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරමින් පසුපසින් සිට සැමවිටම තමන්ට ශක්තියක් වන බවද පවසා තිබේ.

“ඇත්තටම පුහුනු සැසි වලදි සනත් අපිත් සමගම සිටින එක අති විශිශ්ඨයි. අපිත් සමග එකට පුහුනුවීම්වල නිරතවෙමින් ඔහුගේ අත්දැකීම් නිතරම අපිත් එක්ක බෙදාගන්නවා ඔහුගේ දැනුමත් සමග. තරුන ක්‍රීඩකයින් ඇත්තටම සනත්ට විශේශයෙන්ම ස්තූතිවන්ත විය යුතුයි ඔහු මේ අපිට කරන සේවයට” යනුවෙන් තරංග වැඩි දුරටත් පවසා තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.