Feb 19

කාලය ඇවිත් තියෙන්නේ ගොඩක්‌ වෙලාවට මේ අවුරුද්දේ අන්තිම

නිළියෝ විතරක්‌ම
ඉන්න චිත්‍රපටයක වැඩ

මැණික්‌ විඡේවර්ධන අවුරුද්දකට විතර පස්‌සේ චිත්‍රපටයකට සම්බන්ධවෙලා. හැබැයි මේක වෙනස්‌ම චිත්‍රපටයක්‌ලු. ඒකෙ ඉන්නේ නිළියො විතරලු. මැණික්‌ නිළියෝ විතරක්‌ ඉන්න චිත්‍රපටයක්‌ භාරගත්තේ ඇයි කියලා අපි ඇයගෙන් විමසුවා.


මැණික්‌ කාලෙකට පස්‌සේ වැඩක්‌ භාරගත්තා කියලා ආරංචියි ?

ඔව්. අවුරුද්දකට විතර පස්‌සේ මම අලුත් චිත්‍රපටයක්‌ භාරගත්තා.

සේයා හි ඉන්නේ නිළියෝ විතරයිලු නේද?

ඔව්. මේකේ රඟපාන්නේ නිළියෝ ගැහැනු ළමයි විතරයි. කල්‍යාණ චන්ද්‍රසේකර කියන අධ්‍යක්‍ෂවරයාගේ හොඳ වැඩක්‌ හින්දා තමයි භාරගත්තේ.

නැතුව නිළියෝ විතරක්‌ ඉන්න හින්දා නෙමෙයිද?

එහෙමත් නෙමෙයි. මම මේ චරිතයට ආසයි. කොහොම වුණත් නිළියෝ විතරක්‌ ඉන්න හින්දා වෙනසක්‌ තියෙනවා.

ඩබල් ඇක්‌ටින් චරිතයක්‌ නේද කරන්නේ ?

මධූකා සහ ක්‍රිෂාන් කියන චරිත දෙකකට දායකවෙලා ඉන්නවා. මේ චරිත දෙකේ ලොකු වෙනසක්‌ නැහැ. පළමු වතාවට තමයි මම ඩබල් ඇක්‌ටින් චරිතයක්‌ භාරගත්තේ.

අවුරුද්දකට විතර පස්‌සෙනෙ වැඩක්‌ භාරගත්තේ. මොකද හිතෙන්නෙ ?

මට චිත්‍රපටවලට සහ ටෙලිනාට්‍යවලට ගොඩක්‌ ආරාධනා ලැබුණා. මට ලැබුණ චරිත සෑහීමකට පත්වුණේ නැහැ. හැබැයි මේ ලැබුණ චරිතය ගැන මම සතුටුයි. මේ චරිතය ගැන මම සතුටුවුණේ නැතිනම් ඒක භාරගන්නෙත් නැහැ.

මැණික්‌ සිනමාවේ විතරද රැඳෙන්න කැමැති ?

දැනට එහෙම තමයි හිතාගෙන ඉන්නේ.

ටෙලිනාට්‍ය භාරගන්න අදහසක්‌ නැතිද?

මට චිත්‍රපටවලට වඩා ටෙලිනාට්‍යවලට තමයි වැඩිපුර ආරාධනා ලැබෙන්නේ. අනික ටෙලිනාට්‍යයක්‌ භාරගත්තා කියන්නේ දිගටම ෂූටින් යන්නත් එපැයි. එතකොට ටිකක්‌ බිසී වෙනවා.

මැණික්‌ ගණන් හින්දාද බිසී වෙන්න කැමැති නැත්තේ ?

බිසීවුණහම එපාවෙනවනේ. මම ආස හින්දයි සිනමාවට සම්බන්ධවුණේ. ඉදිරියේදී බලමු.

රඟපෑමට සීමාවන් පනවාගෙනද ඉන්නෙ ?

නැහැ. චරිතය හිතට වැදුනොත් කරනවා. මට එහෙම ලොකු සීමාවන් නැහැ. අනිත් එක ලංකාව ඇතුලේ රාමුවක්‌ තියෙනවා. කවුරුවත් එයින් පිට මොනවාත් කරන්නේ නැහැ. ඒ හින්දා ලංකාවේ සීමාවන් තියාගන්න ඕනෑ කියලා මම හිතන්නේ නැහැ. මගේ සීමාවන් නැහැ.

මැණික්‌ සිනමා නිළියක්‌ කියනවාටද වැඩිපුර කැමැති?

ඔව්. අනිත් එක මම සිනමාවෙන් තමයි ආවේ. ඒ හින්දා මම එතැන රැඳෙන්න ආසයි.

ටෙලිනාට්‍යවලට අතගහලා තියෙන ජනප්‍රියත්වයත් නැතිවේවි කියලා බයයිද?

මම ජනප්‍රිය වෙන්න කිසිම දෙයක්‌ කරන්නේ නැහැ. අනික මම ජනප්‍රියත්වයට කැමැති නැහැ. ජනප්‍රිය වුණහම තියෙන නිදහස නැතිවෙනවා. මම කොහොමත් නිදහස නැතිකරගන්න කැමැති නැහැ.

ජනප්‍රියත්වය කරදරයක්‌ වුණ වෙලාවල් නැතිද?

සමහර වෙලාවලදී නිදහස නැතිවෙනවා. ඒකට මම වැඩිය ආස නැහැ. මම හරි සරලව ජීවත්වෙන කෙනෙක්‌. එයින් මම අදහස්‌ කරන්නෙ aනැහැ අපිට බොලිවුඩ් හොලිවුඩ් වගේ ප්‍රසිද්ධියක්‌ අපිට ලංකාවේ තියෙනවා කියලා. සමහර අවස්‌ථාවලදී නිදහස නැතිවෙන අවස්‌ථා තියෙනවා.

ජීවිතයේ ගෙවීගිය කාලය ගැන මොකද හිතෙන්නේ ?

නරකත් නැහැ. හොඳත් නැහැ. දවසින් දවසට අත්දැකීම් එකතුවුණා. පසුගිය කාලේදී ඉදිරියේදී කොහොමද ඉන්නේ කියන අත්දැකීම හරියට ලැබුණා.

ජනප්‍රිය චරිතවල පුද්ගලිකත්වය හොයන එක ගැන මොකද හිතන්නේ?

ඒක සාමාන්‍ය දෙයක්‌නේ. මට විතරක්‌ නෙමෙයි ඒaක දේශපාලකයන්ට ත් පොදුයි.

ආදරය ගැන මොකද හිතන්නේ ?

ආදරය සුන්දරයි. ආදරය හින්දා ගොඩාක්‌ පාඩම් ඉගෙන ගත්ත තැන් තියෙනවා.

මැණික්‌ ආදරය හින්දා පාඩම් ඉගෙන ගෙන තියෙනවා?

පාඩම් කියන්නමත් බැහැ. ආදරය හින්දා දුක්‌වුණතැන් වගේම සතුටුවුණ තැනුත් තියෙනවා.

ආදරයෙන් පැරදිලා තියෙනවාද?

හැමදෙයක්‌ම මම තමයි නවත්වන්නේ. ඒ කියන්නේ පැරදීමක්‌ නෙමෙයි. දෙන්නෙක්‌ ගැලපෙන්නේ නැතිනම් ඒ දේ නවත්වන එක තමයි හොඳ. එයින් අදහස්‌ කරන්නේ නැහැ අනෙක්‌ පුද්ගලයා පරදිනවා කියලා. ඒක තේරුම්ගැනීම කියලයි මට නම් හිතෙන්නේ.

මැණික්‌ ආදරයෙන් පැරදුනා කියන්නේ ඇත්තද?

පැරදිලා නැහැ. මම මුලින් ඒ ගැන සඳහන් කළානේ. ගැලපෙන්නේ නැතිනම් වෙන්වීම තමයි හොඳ. ඒක තේරුමක්‌ නැහැ තවත් ඉදිරියට ඇදගෙන යැම. බැඳීමක්‌ කියන්නේ දුකක්‌.

ආපහු ආදරයක්‌ ගැන හිතන්නේ නැතිද?

නැහැ. දැන් ආදරය ගැන හිතන කාලය නෙමෙයි බඳින්නයි කාලය ඇවිත් තියෙන්නේ.

එහෙනම් අනාගත සැමියා හොයාගන්න එපායෑ ?

ඒ වැඩේ මගේ අම්මටයි තාත්තටයි භාරදීලා තියෙන්නේ. ඒ කට්‌ටිය ගේන විවාහ යෝජනාවකට මම ඕකේ.

ඔයා තෝරගන්න කෙනා හරියන්නේ නැතිහින්දා ඒ වැඩේ ගෙදරට භාරදුන්නා. එහෙමද?

මෙච්චර දවස්‌ මම හොයාගත්ත අය හරිගියේ නැහැ. ඒ හින්දා දැන් ඒ වැඩේ අම්මිට භාරදීලා තියෙන්නේ. ගොඩක්‌ වෙලාවට මේ අවුරුද්දේ අන්තිම මම කසාඳ බඳීවි.

එහෙනම් මේ දවස්‌වල අම්මා දුවට මනමාලයෙක්‌ හොයනවා වගෙයි ?

මේ දවස්‌වල නෙමෙයි දැන් අවුරුදු දෙකක්‌ තිස්‌සේ මට මනමාලයෙක්‌ හොයනවා.මම එක එක දේවල් කිය කියා පහුකරනවා. හැබැයි මේ අවුරුද්ද අන්තිමේ ඒ දේවල් තීරණය වේවි. ජීවිතය අංගසම්පූර්ණ වෙන්නත් එපායෑ.

දිනේෂ් විතාන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.