Jan 10

සංහිඳියාවේ රූපවාහිනී නාලිකාව ළඟදීම.. වියදම කෝටි 18යි..

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ අභිනව නාලිකාව වන සංහිඳියාවේ නාලිකාවේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 180 ක මුදල රූපවාහිනිය වෙත පිරිනැමීම සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගිය ඉරිදා අත්සන් තැබිණ.


එම මුදල ජාතික එ්කාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ පසුගිය අයවැයෙන් වෙන්කර තිබූ අතර එය රූපවාහිනිය වෙත පැවරීමේ ගිවිසුමට අමාත්‍යංශ ලේකම් වී. සිවඥනසෝති සහ සංස්ථෘ සභාපති නිතිඥ රවී ජයවර්ධන යන මහත්වරු අත්සන් තැබූහ.

නව නාලිකාව සඳහා සංඛ්‍යාත ලබා දීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පළමු පදවිප‍්‍රාප්තියට සමගාමීව 2016 ජනවාරි 08 වනදා සිදුවිය.

ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ සංස්ථෘ සභාපති නිතිඥ රවී ජයවර්ධන මහත්වරුන් වෙත එ් සඳහා වූ නිල ලේඛනය එහිදී පිරිනැමුණු අතර නාලිකාවට අවශ්‍ය උපකරණ ලබා දීමට අවශ්‍ය ප‍්‍රතිපාදන 2017 අයවැයෙන් වෙන් කෙරිණ.

එම මුදල පිරිනැමීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ දෙවන පදවිප‍්‍රාප්තියට සමගාමීවය. සංහිඳියාවේ නාලිකාවේ කටයුතු 2017 වසර තුළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

ගිවිසුමට අත්සන් කිරීම ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේදී සිද කෙරුණු අතර එම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය, මනෝ ගනේෂන්, කරු පරණවිතාන, අජිත් පී. පෙරේරා යන මැති ඇමතිවරුද සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත මහතාද සහභාගී වූහ.

– රූපවාහිනී
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.