Jan 16

තමා ඇතුළු කණ්ඩායම මුහුණ පෑ දරුණුතම පරාජය මෙයයි - මැතිව්ස් කියයි

දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය පරාජය වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව ලද දරුණුතම පරාජයට මෙවර මුහුණදුන් බව පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ බොහෝ අවස්ථාවන්හි තමාද කණ්ඩායමේ කොටස්කරුවකු ලෙස සිට ඇතත් කණ්ඩායමේ නායකත්වය ලැබීමෙන් අනතුරුව තමා ඇතුළු කණ්ඩායම මුහුණ පෑ දරුණුතම පරාජය මෙය බව පැවැසූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් "මමත් ඇතුළුව කණ්ඩායමේ පිතිකරණ බළඇණිය අතිශය ප්‍රාථමික විදියටයි අප්‍රිකානු පන්දු යවන්නන් ඉදිරියේ ක්‍රීඩා කළේ. අපේ පන්දු යවන්නන්ට ප්‍රතිවාදීන් වෙත අභියෝගයක් එල්ල කිරීම සඳහා හොඳ ලකුණු පුවරුවක් ලබා දෙන්න අපි අසමත් වුණා" යනුවෙන්ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම සංචාරය වෙනුවෙන් කණ්ඩායමක් හැටියට තම උපරිම ශක්තිය යෙදවූ බවද පවසන ශ්‍රී ලංකා නායකයා "සිම්බාබ්වේ සංචාරයෙන් අනතුරුව දකුණු අප්‍රිකාව බලා පිටත් වෙන්න අපිට තිබුණෙ දින 10ක වගේ කාලයක්. අපි ඒ කාල සීමාව තුළ හැකි උපරිමයෙන් පුහුණුවීම් කළා. තණකොළ සහිත තණතිලි තුළ පුහුණුවීම් කරන්න වැඩි කාලයක් වැය කළා. නමුත් වැඩි ආර්ද්‍රතාවක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක දකුණු අප්‍රිකාව වැනි රටවල් පවතින ආකාරයේ වේගවත් තණතිලි හදන්න අපහසුයි. කෙසේ හෝ විදෙස් රටවල පැවැත්වෙන තරග සඳහා අපි මීට වඩා සූදානම් විය යුතුයි. මම හිතනව අපේ දේශීය තරග සඳහා වැඩි වශයෙන් තණකොළ සහිත වේගවත් තණතීරු භාවිත කිරීම මේ තත්ත්වය මඟහැර ගැනීමට හොඳ පිළියමක් වේවි" යැයිද පැවැසීය.

කෙසේ වෙතත් ද.අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 178ක් රැස් කිරීමට සමත් වූ අතර තරගාවලිය තුළ කඩුලු ලබා ගනිමින් දස්කම් දැක්වූ වේග පන්දු යවන්නන් සිටියදී මැතිව්ස් බොහෝ විට අලුත් පන්දුවෙන් පන්දු යැවීමට තීරණය කිරීම පිළිබඳවද කරුණු පැහැදිලි කළේ "මට පන්දුව දෝලනය කිරීමේ හැකියාව පවතින නිසා අපේ පන්දුයැවීමේ පුහුණුකරු මට කිව්ව අලුත් පන්දුවෙන් පන්දු යවන්න කියල. නමුත් ඒ සෑම අවස්ථාවකම මම වැඩි වේලාවක් පන්දු යැව්වෙ නෑ" යනුවෙන්ද පවසමිනි.

මැතිව්ස් මෙම තරගාවලිය තුළ ඉනිම 4කදී පන්දුවාර 54ක් ක්‍රියාත්මක කර 64.50ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර ළහිරු කුමාර ඉනිම 3කදී පන්දුවාර 62.1ක් ක්‍රියාත්මක කර 26.45ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 11ක් බිඳ හෙළීීමට සමත් විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.