Nov 02

ආබාධිත විරුවන් දීමනාවක් එපා කියා අදත් විරෝධතාවයේ

සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ‘රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය‘ පවසයි.

සේවා කාලය වසර 12කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තමන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස පසුගිය 31 වනදා සිට විරෝධතාවයේ නිරත වේ.

කෙසේවෙතත් මෙම විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට විශ්‍රාමික දීමනාවක් ලෙස ඉදිරියේදී විශ්‍රාම වැටුප ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ලබන වසරේ පෙරබරවාරි මාසයේ සිට එම දීමනාව ලබාදීමට නියමිත බව එහි සඳහන්ය.

කෙසේවෙතත් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසන්නේ දීමනාවක් වශයෙන් එය තමන්ට අවශ්‍ය නොවන බවයි.

2014 වසරේ කැබිනට් අනුමැතිය හිමි වූ විශ්‍රාම වැටුප තමන්ට ලබාදෙන ලෙස රජයට බල කරමින් අද දිනයේත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවීමට තීරණය කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.