Nov
02

ලංකාවේ පළමු සහ එකම සෙවණැළි නාට්‍ය (Shadow Drama) කණ්ඩායම වන Vitelize හි සාමාජිකාවක්ද වන ඇය ඇරෝබික්ස් සහ ජිම්නාස්ටික් පුහුණුකාරියක් ලෙසත් කටයුතු කරනවා. සම්භාව්‍ය වේදිකා නාට්‍ය කීපයකින්ද, රිදී තිරයේ නිර්මාණ කීපයකින්ද ඉදිරියේදී ඇගේ රංගන කුසලතා ඔබට දැකගන්නට හැකි වේවි. මේ සියල්ල අතරේ මෝස්‌තර නිරෑපණයේත් යෙදෙන පූර්ණිමා වඩාත් කැමති බවත් ඇය සඳහන් කරයි.
20 වැනි වියේ පසුවන ඇය උසස් පෙළ අවසන් වී විශ්ව විද්‍යාල යෑමේ බලාපොරොත්තුවෙන්ද සිටියි. අහඹු ලෙස හඬ කැවීමේ ශිල්පිනියක් වන ඇය හඬපරීක්ෂණයකින් මෙම චරිතය සඳහා තේරී පත්ව ඇත. නව කටහඬක් සඳහා අවස්ථාව ලැබුණු ඇය නිරූපණට සහජ හැකියාවක් දක්වයි. ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව ඇය මෙසේ සඳහන් කලේය.
“මම මේ ක්ෂේත්‍රයට අලුත්. ඒ නිසා මගේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න ගෙන මම මේ ගමන යනවා. මට ශිවන්‍යයගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කටහඬට කැමති අයත් ඉන්නවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි දීපාල් අයියව. එයා තමයි හඬකැවීම් අධ්‍යක්ෂක. ඔහු තමයි මට උදව් කරන්නෙ.”