Oct 16

ඩුබායි මාළිගාවේ හොරකමේ ගියැයි අත්අඩංගුවට ගත් ලාංකික ගෘහසේවිකාවන්ට සිදුවූ දේ

ඩුබායි මාලිගාවක සොරකම් කිරීමේ සිද්ධියට චෝදනා ලැබ සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් දෙදෙනෙකුට නිදහස ලබා දීමට එරට අධිකරණය තීරණය කර ඇති බව  මාධ්‍ය පවසනවා.

ඩුබායි පාලකවරයෙකුට අයත් මාළිගාවක තිබූ වටිනා ස්වර්ණාභරණ තොගයක් හා ස්මාර්ට් ජංගම දුරකථන කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ සම්බ්න්ධයෙන් සැකපිට එම මාළිගාවේ සේවය කළ ලාංකික ගෘහසේවිකාවන් ‍දෙදෙනෙකු ඩුබායි පොලිසීය විසින් අත්අඩංගුවට ගත්තා.

පසුව ඔවුන් දෙදෙනාට එරෙහිව  ඩුබායි අධිකරණය හමුවේ නඩු පැවරීමටද ඩුබායි පොලීසිය පියවර ගනු ලැබුවා.

නමුත් මෙම සොරකමට අදාළ පරීක්ෂණ පැවැත්වීමේදී මොවුන් දෙදෙනා ඊට සම්බන්ධ බවට ඩුබායි පාලකවරයාගේ පවුලේ සාමාජිකයින් චෝදනා නොකිරීමත් සමග ඔවුන්ට එරෙහිව පැවති සොරකම් කිරීමේ චෝදනාව ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසන බවයි මාධ්‍ය අනාවරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ චෝදනාවන්ට ලක්ව සැකපිට අත්අඩංගුවට පත් ලාංකික සේවිකාවන් දෙදෙනාගේ අනන්‍යනතාවය හෙලිදරව් නොකිරීමට ඩුබායි පොලීසිය තීන්දු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.