Sep 02

ලංකාවේ කලාකරුවෙකුට මිලක් නියමවෙන්නේ නැහැ

මේනකා මධුවන්ති කියන්නේ පුංචි තිරයේ රංගනය මෙන්ම නර්තනයෙන්ද දස්කම් පෑ අයෙකි. ඇය මේදිනවල අලුත් වැඩක් සඳහා සූදානම් වනවා. ඒ ජාත්‍යන්තර තරගයක් සඳහායි.

මේ දිනවල වැඩකටයුතු කොහොමද? ඊට අමතරව තව විශේෂ කාරණාවක් සඳහා සූදානම් වෙනවානේද?

මේ දවස්වල චිත්‍රපට සහ අලුත් ටෙලිනාට්‍යයක් සඳහා පොඩ්ඩක් දායක වුණා. ඒ වගේම  ජාත්‍යන්තර තරගයකට යන්න සූදානම් වෙනවා.

 සූදානම් වන ජාත්‍යන්තර තරගය ගැන කතා කළොත්?

ඒ පිළිබඳව කිව්වොත්, Miss Latina International ලෙස තමයි හඳුන්වන්නේ. ඒ සඳහා තමයි මම ඇමෙරිකාවට යන්නේ. ඒක පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසයේ.  ඒ සඳහා සූදානම් වෙන්න තියෙනවා. මීට කලින් මම ජාත්‍යන්තර තරගයක් දායක වුණේ නර්තන අංශයෙන්. එහිදී මට ජයග්‍රහණය කරන්න ලැබුණා. මේක බියුටි පැජන්ට් එකක්.

 මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මේ තරගය කරන Organization එකෙන් මට නර්තන තරගයකට තමයි ආරාධනා කළේ. ඒ අය මට අවුරුදු තුනකට කලින් ඉඳන් තමයි කියන්නේ මේ තරගය සඳහා සහභාගී වෙන්න කියලා. ඉතිං මගේ වැඩත් එක්ක මට ඒ සඳහා දායක වෙන්න ලැබුණේ නැහැ. ඉතිං මම මෙදා පාර මගේ සුදුසුකම් එක්ක ඒ සඳහා අයදුම් කළ නිසා අවස්ථාව ලැබුණා.

 නර්තන අංශයෙන් ජාත්‍යන්තර ජයගත් ඒ තරගය ගැන සඳහන් කළොත්?

2009 වර්ෂයේදී මැලේසියාවේ පැවැත්වුණු Open Dance Festival සහ Asian Pacific Dance Exclusion කියන තරග දෙකෙන් පළමු ස්ථානය ලබා ගන්න අවස්ථාව හිමි වුණා.

 නර්තනයෙන් ක්ෂේත්‍රය අවතීර්ණ වූ ඔබ දැන් නර්තනයෙන් ඈත් වෙලාද ඉන්නේ?

එහෙම නැහැ. නර්තනය සඳහා ආරාධනා ලැබෙන හැම මොහොතකම සම්බන්ධ වෙනවා. මගේ නර්තන හැකියාව පෙන්නන්න තරම් නිර්මාණයක් මට ලැබුණේ නැහැ.

 දායක වන චිත්‍රපට ගැන කිව්වොත්?

චිත්‍රපට 03ක් සඳහා දායක වුණා. තව දෙකක් සඳහා ආරාධනා ලැබිලා තියෙන්නේ. එකක් අර්ජුන් කමලනාත්ගේ චිත්‍රපටයක්. එකක් සුදේශ් වසන්ත පීරිස්ගේ චිත්‍රපටයක් සඳහායි. මේ දවස් ටිකේ ටෙලිනාට්‍යයක් සඳහා දායක වෙලා තියෙනවා. නිරෝෂන් අලහප්පෙරුමගේ "දරණි" කියලා ටෙලිනාට්‍යයක්. ඉතිං මේ කටයුතුත් එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ.

 ඔබ වැඩිපුරම කාලය යොදවන්නේ, පුංචි තිරයටද? සිනමාවටද?  

මම වැඩි අවස්ථාවක් දෙන්නේ පුංචි තිරයටද, රිදී තිරයටද නෙමෙයි. මට ලැබෙන චරිතත් එක්ක. පුංචි තිරයේදී මාව එක චරිතයක් සඳහා කොටුවෙන අවස්ථා ගොඩක් වැඩියි. ඒක නිසා මම ලොකු කාලයක් පුංචි තිරයෙන් ඈත්වෙලා ඉන්නවා. මොකද එකම චරිතයක් තුළින් මිනිස්සු අතරට යන්න මම කැමැත්තක් දැක්වූයේ නැහැ. මම ආස කළෙ වෙනස් චරිතවලින් යන්න. ඒකයි මම කාලයක් ඈත් වෙලා ඉඳලා දැන් නැවතත් කලාවට එකතු වෙන්නේ.

 ව්‍යාපාරයක් කරගෙන යනවා නේද?

ඔව්, මම පාවහන්, අත්බෑග් සහ ඇඳුම් සම්බන්ධව ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතිං ඒකත් කරගෙන පාඩුවේ ඉන්නවා.

 කලාවට සම්බන්ධ පුද්ගලයන් වෙනත් ව්‍යාපාර සඳහා යොමුවෙන්නේ කලාව තුළින් යැපෙන්න අමාරු නිසාද?

ඔව් අනිවාර්යයෙන්ම. ඒක අමාරුයි ජීවත් වෙන්නේ. අපි බොලිවුඩ්, හොලිවුඩ් වගේ නෙමෙයි. ලංකාවේ හරි කලාකරුවෙකුට මිලක් නියමවෙන්නේ නැහැ. ඒ කෙනෙක්ව අගේ කරන්නේ නැහැ. බොහෝ දෙනා කරන්නෙ නිර්මාණයට ගැළපෙන කෙනා ගන්න නෙමෙයි. නිර්මාණයට අඩුවෙන් ගාණ අය කරන කෙනා ගන්න තමයි ඒ අය බලන්නේ. නිෂ්පාදකවරුන්ට ඕනේ අඩු වියදමක් කරලා නාට්‍ය එළියට දාන්න. නිර්මාණයට ගැළපෙන කෙනාද, හරි කෙනාද කියල නෙමෙයි ඒ අය බලන්නේ. එහෙම තියෙන කාලෙක හරි අමාරුයි කලාව මගින් දියුණු වෙන්න. මම හිතන්නේ නැහැ ක්ෂේත්‍රයෙන් විතරක් යම් කෙනෙක් දියුණු වෙලා තියෙනවා කියලා. හැමකෙනෙක්ම අමතරව කටයුත්තක නියැළෙනවා.

 යම්කිසි මිලක් නියම කරන කෙනෙකුට වැඩ ප්‍රමාණයන් වල අඩුවක් තියෙනවාද?

ඔව් තියෙනවා. මිලක් වැඩි කරන්න පුළුවන් කාලයක් එනවනේ. නමුත් ඒ කාලෙදී යම්කිසි මිලක් තියෙනවා. අඩුවට කරන්න බැහැනේ. යම්කිසි ප්‍රමිතියක් අපි පවත්වාගෙන යන්න ඕනේ නිසා.

 විදේශීය නාට්‍ය සංස්කෘතිය නිසා බොහෝ නිෂ්පාදකවරුන් අඩුවියදම් නිර්මාණද බිහිකරන්නේ?

අනිවාර්යයෙන්ම. අද අප රටේ නළු නිළියන් කොච්චර ඉන්නවාද?. ඒ වුණත් එම නළු නිළියන් නිර්මාණය සඳහා දායක කරගන්නේ බෙදිලා. එතකොට සමහර අයට නිර්මාණයක් ලැබෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒ අතරතුර විදේශීය නාට්‍යවලින් නිර්මාණ බිහිවීමේ අවස්ථාව අඩුවුණා. ඒවගේම නළු නිළියන්ට ලොකු අසරණතාවකට මුහුණ දුන්නා. සමහර අය ඉන්නේ කලාව තම ජීවිතය මෙන්ම වෘත්තීය කරගත්ත අය. මේ පිළිබඳව තීරණය කරන්න ඕනේ ප්‍රේක්ෂකයන්. ඒ අයගේ බලන නිසානේ මේ දේවල් ගෙනත් ගෙනත් දාන්නේ. ඒ වෙලාවට දේශීය නාට්‍යයක් යනවානම් කොච්චර හොඳ දෙයක්ද?. තමන්ගෙ දෙයකට වඩා පිට දේවල් ලොකු වෙන ගතියක් අපි හැමකෙනෙක්ටම තියෙනවානේ. අපේ නළුනිළියක් පාරේ ගියා කියලා අපේ අයට වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඉන්දියාවේ කවුරු හරි එනවා කිව්වොත් සල්ලි වියදම් කරගෙන පාරේ ඉන්න සෙනග බලන්නකෝ. මේකට කවුද වගකියන්න ඕනේ කියලා කාටවත් කියන්න බැහැ.

 මාධ්‍ය තුළින්ද කලාකරුවන්ගේ වටිනාකම අඩුකරන්නේ?

කෙනෙක්ට ඇඟිල්ලක් දික්කරන්න බැහැනේ. කොටස්වලට බෙදිලා ගිහින් තියෙන්නේ. මාධ්‍යයෙන් වෙන්න පුළුවන්, නිෂ්පාදකයෝ වෙන්නත් පුළුවන්, කලාකරුවෝ වෙන්නත් පුළුවන්. එක එක්කෙනාගේ වැරදි දේවල්වලින් සිද්ධවෙච්ච දේවල්. අපේ රටේ විතරක් නෙමෙයි එහෙම දේවල් වෙන්නේ. මේ දේවල් ඉන්දියාවෙත් වෙනවා, හොලිවුඩ්වලත් වෙනවා. එහෙම වුණා කියලා කලාකරුවාගේ වටිනාකම අඩුවෙන්නේ නැහැනේ.

 කලාව තුළ දිනෙන් දින නවකයන් ඒම ගැන ඔබ මොකද හිතන්නේ?

නවකයෝ බිහිවුණාම තමයි අලුත් දේවල් එන්නේ. නැත්නම් අපි එකම තැන පල්වෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම නවකයන් බිහිවෙන්න ඕනා. අලුත් අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් බිහිවෙන්න ඕනා. එතකොටයි මේ කර්මාන්තයත් අලුත් වෙන්නේ.

 නවකයන්ට ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබෙනවාද?

ඒක ඕනෑම ක්ෂේත්‍රයක තියෙන දෙයක්. කෙනෙක් එන කොට කැමති නැහැ. මොකද අපි කිසිකෙනෙක් රහත්වෙලා නැහැනෙ. අනිවාර්යයෙන්ම එනකොට කැපිලි කෙටිලි තියෙනවා.

ඔබට ආදරය කරන රසිකයන්ට ඔබව නැවත දැක ගන්න පුළුවන් ඉදිරිකටයුතු මොනවාද?

හොඳ නිර්මාණ දෙක තුනක් ලැබිලා තියෙනවා. ආසාවෙන් ඉන්නවා එම නිර්මාණවල වැඩ පටන් ගන්නකන්. හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

එහෙම කියලා නැහැ. මට හැමදාම මගේ ගෙදර අය සහ දෙමව්පියන් තමයි මට උදව් කරන්නේ. ඒ අයව මතක් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.