Nov
09
හමුදා සේවයෙන් නීත්‍යනුකූලව මුදාහැර සිටි හමුදා සෙබළකුව හමුදා සේවයෙන් පලා ආ අයකු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන දින දෙකක් තිස්සේ අමානුෂික ලෙස පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය හෙට්ටිපොල පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට රුපියල් පනස්දහස බැගින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවන ලෙසට නියෝග කළේය.