May 17

කොවිඩ් වැලඳුණු දරුවන් බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවට පත්වීමේ අවදානමක්


කෝවිඩ් 19 රෝගයෙහි තුන්වන රැල්ල මේ වන විට ලංකාවම ආක්‍රමණය කර තිබෙනවා යැයි පසුවහොත් නිවැරදියි. මේ වන විට සංචරණ සීමා සහිතව සහ ප්‍රදේශ රැසක් හුදකලා කරමින් රටේ කටයුතු සිදුවේ. 

 කෝවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවක් ඔස්සේ මෙම ලිපිය සකස් වී තිබේ.මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ආධ්‍යක්ෂ අධ්‍යාපන සහ ප්‍රචාර අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී.ඩී. කොග්ගලමගේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදන් සමරවීර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආපදා පෙර සූදානම් හා හදිසි ප්‍රතිචාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් යන මහත්වරු අදහස් දැක්වූහ. *ඉන්දියානු ප්‍රභේදය මෙරට පැතිරීමට ඉඩකඩක් නැහැ ඉන්දියානු ප්‍රභේදය සහිත රෝගියෙක් පහුගිය දිනවල අපට වාර්තා වුණා. එවීට බොහෝ දෙනාගේ සැකයක් ආවා ඉන්දියානු ප්‍රභේදය අප රටට ඇතුළු වෙලා තිබෙනවාද කියන දේ පිළිබදව. මේ වනතෙක් අපට හමුව තිබෙන් ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වූ එක් පුද්ගලයෙකු පමණයි. ඔහුත් ඉන්දියාවෙන් මෙරටට පැමිණි ඉන්දියානු ජාතිකයෙක්. ඔහු නිරෝධායනය වන විට තමයි අපට හමුවූයේ. ඒනිසා ඒ මොහොන්දීම ඔහුව ප්‍රතිකාරවලට යොමු කළා. ඔහු සුවවෙලා තවත් කාලයක් ඔහුගේ නිවසේරැදී සිට ඉන්පසුව තමයි රැකියාව සදහා ගියේ. ඔහුගෙ එම රෝගය හදුනාගත්තට එය අපේ සමාජයට ඇතුළු වීමේ අවදානමක් නැහැ. නමුත් වැදගත්ම දේ තමයි අපෙන් මගහැරිලා කොහේ හෝ තැනකදී මේ ප්‍රභේද අපේ සමාජයට ඇතුළු වෙන්න පුළුවන්. ඒ තත්වය වළක්වා ගැනීම සඳහා විදේශවලින් පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම ශක්තිමත් කරන්න ඕනේ. විදේශවලින් පැමිණෙන සියලුදෙනා නැවතත් දින දාහතරක් නිරෝධායනය විය යුතුයි කියලා රජය විසින් තීරණය කර තිඛෙනවා. ඒ තුළින් අපට හැකිවෙනවා වෙනත් රටවල පැතිරෙන ප්‍රහේද මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීමට. ඒ කාර්ය ඉතා ශක්තිමත්ව කරනවා නම් අපට පහසුවෙන් වෙනත් ප්‍රභේද පැතිරීම වළක්වාගත හැකියි. 

 *එනකරණයේ තත්ත්වය මේ වන විට අප ලංකාව තුළ එන්නත් තුනක් එක්නත්කරණය සදහා භාවිත කරනවා. ඒ කොවීෂීල්ඩ්, ප්‍රෝටිනික් v සහ සයිනොෆෝම් එන්නත. ඔබත් මේ වනවිට දන්නවා ඇති කොවිෂීල්ඩ් එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ ගැටලුවක් පවතින බව. කොවීෂීල්ඩ් එන්නත් දෙවැනි මාතා ලක්ෂ හයක් පමණ අපට අවශ්‍යයි. එය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයත්,රජයත් නිරන්තවෙහෙසක් ගන්නවා. අපේ ඉලක්කය තමයි මේ රට තුළ එන්නත් ලබාගත හැකි සියලුදෙනාට එන්නත්කරණය සිදුකිරීම. *දරුවන්ට වැලඳීමට ඇති ඉඩකඩ වැඩියි කෝවිඩ් 19 රෝගයෙන් අපගේ දරු පරපුර ආරක්ෂා කරගැනීම පිළිබදව කතා කළ යුතුම වනවා. කෝවිඩ් රෝගයේ තුන්වන රැල්ල සහ නව ප්‍රභේද සමග සියලුම වයස්කාර මෙම රෝගයට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. එහිදී වැඩිහිටියන්ගේ මට්ටමට නොමැති වුණත් දරුවනුත් මෙම රෝගයට ගොදුරුවීම් යම් තත්වයක් තිඛෙනවා. දරුවන් වැඩිහිටියන්ට සාපේක්ෂව මද රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ නොපෙන්වන්න පුළුවන්. ඒවගේම ඇතැම් දරුවන්ට තීව්‍ර රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. එමෙන්ම ඔවුන්ට ඇතැම්විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකියි. ඇතැම්විට මරණාසන්න වීමේ හැකියාවක්ද තිබෙනවා. මෙහිදී වෛද්‍ය විදයාත්මකව සිදුවන්නේ දරුවන් බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවට ගොදුරුවීමයි.මෙයට හේතුව කුමක්ද යන්න නිශ්චිතවම තවම අනාවරණය කරගෙන නැහැ. මේ තත්වය නිසා දරුවා මරණාසන්න තත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ නිසා මෙම රෝගයෙන් ළමා පරපූර බේරා ගැනීමට වැඩිය වශයෙන් සහ දෙමාපියන් වශයෙන් අපට ලොකු වගකීමක් තිබෙනවා. ඒ සදහා විශේෂ මාර්ගගෝපදේශ පිළිපැදිය යුතුයි.

 *දරුවන් ආරක්ෂා කරගන්න දෙමාපියන් පිළිපැදිය යුතු උපදෙස් නිරන්තරයෙන් දරුවා නිවසෙන් බැහැරට ගෙන යාම අවම කළ යුතුයි. ඔවුන්ව නිවස තුළම රදවාගත යුතුයි. ඔවුන්ගේ යහළුවන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් මාර්ගගත ක්‍රම හෝ දුරකථනය ඔස්සේ සම්බන්ධ කළ යුතුයි. ඒ සමගම වයස අවුරුදුදෙකකට වැඩි සෑම දරුවෙකුටම නිසියාකාරයෙන් මුව ආවරණ පැළඳීමට කටයුතු කළ යුතුයි. වයස අවුරුදු දෙකට අඩු දරුවෙකුට මුව ආවරණයක් පලදවන්න බැහැ.නමුත් ඔවුවත් අපි ආරක්ෂා කරගත යුතුයි. වෙනත් බාහිර පුද්ගලයන්ට හෝ නිවසේ සිට රාජකාරී සඳහා පිටත්ව යන පුද්ගලයන්ට දරුවන් සිප වැලද ගැනීමට හෝ වඩා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරිය යුතුයි. නිතරම දරුවන්ගේ දැත් සබන් යොදා හෝ සෙනිටයිසර් භාවිත කරපිරිසුදුකළ යුතුයි. කිවිසුමක් යන විට ටිෂු එකක් භාවිත කරන්නට හෝ වැලමිට භාවිත කරන්නට උපදෙස් දෙන්න. ඒ වගේම නිවෙස්වලදී දරුවන් නිතරම අත ගාන මතුපිට පෘෂ්ඨි තිබෙනවා නම් ඒවා නිරන්තරයෙන් පිස්සූදු කරන්න. ඒවගෙම මේ කාලය තුළදී කුඩා දරුවන්ට සෙල්ලම් කරන්නට නොහැකි වීම, යහළුවන් හමුවීමට නොහැකිවීම වගේ දේවල් නිසා ඔවුන් යම් මානසික ව්‍යාකූල තත්වයකට පත්වෙන්න පුළුවන්. ඒවාට දෙමාපියන් වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. එමෙන්ම කිසියම් ආකාරයකට රෝග ලක්ෂණ පෙන්වන අයෙක් නිවසේ සිටිනවා නම් ඔහුගෙන් දරුවා ප්‍රවේසම් කරගත යුතුයි. ඔහු අසලට දරුවාට යාමට ඉඩ දෙන්න . මේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ලංකාවේ දරුපරප්පුර මෙම කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට දායක වෙන ලෙස අප ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. 

 *අවදානම් ප‍්‍රදේශවලින් සේවයට පැමිණෙන අය මේ වෙද්දි සංචරණ සීමා පනවා තිබෙනවානේ. රජයේ සේවකයන් හෝ වෙනත් රැකියාවල නිරතවන අය අවදානම් ප්‍රදේශවලින් සේවා ස්ථානයට පැමිණෙන්න පුළුවන්. ඇතැම්විට ඔවුන්ගෙන් කිහිපදෙනෙකු කෝවිඩ් අසාදිතයන් වෙනත් පුළුවන්, එහිදී අවදානම් කලාපවල සිටින අය සේවා ස්ථානයට ඒම අපට නැවැත්විය හැකියි. ඒ ඒ පළාත්වල ප්‍රාදේශීය වශයෙන් සිටින ප්‍රාදේශීය වසංගත විශේෂඥවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරින් දෙන නිර්දේශ මත ඒ පළාත්වල අවදානම අධික නම් අනිවාර්යෙන්ම අපට ඒ ඒ සීමාවන් පනවන්න පුළුවන්. එසේ නොවන තාක් අපේ සේවාවන් පවත්වාගෙන යාම සඳහාත් අවශ්‍ය වන නිසා මේ විදිහට ඉඩකඩ ලබාදී තිබෙනවා. ඒවගේම සෞඛ්‍ය සේවය අඩාළ වුනොත් අනෙක් සියලු කටයුතුත් අඩාළ වෙනවා. අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කළයුතු පුද්ගලයන්ට යම් ප්‍රවාහන පහසුකමක් සැලසීම ඒ ඒ ආයතනවල වගකීමක්. යම් පුද්ගලයෙකුගේ සේවය අත්‍යවශ්‍ය නම් ඒ පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් සකස්කර ඔහුගේ සේවය ලබාගැනීම සිදුකළ යුතුයි. අපට ඒ සඳහා නියෝග පනවන්න නොහැකියි. 

 *මුලික සෞඛ්‍ය උපදෙස් අමතක නොකරන මේ වනවිට සම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වෙනවා. සමස්තයක් ලෙස බලන අපට පෙනී යන්නේ තවමත් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවයි. ඉදිරියටත් තව තවත් මෙය වර්ධනය වීමේ තත්ත්වයක් දක්නට ලැබෙනවා. මේ පවතින ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන නිසාත්, ඉතා කෙටි කාලයක් තුළ තවත් කෙනෙකුට මෙය ආසාදනය වීමේ හැකියාවක් පවතින නිසාත් එක් තැනක රෝගියෙක් හමුවුවහොත් ඔහුගෙන් තවත් විශාල පිරිසකට මෙම රෝගය ආසාදනය වී ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී කවදාටත් වඩා අපි ප්‍රවේසම් විය යුතුයි. මෙම යම් අයෙකු රෝග ලක්ෂණ නැතිව සිටිනවා විය හැකියි. ඒවගේම තමුන්ට පාදී හෝ රැකියා ස්ථානයේදී හමුවන අයෙකු රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයකු විය හැකියි. වෙනදාට වඩා සාපේක්ෂව මේ රෝගය පැතිරීම වේගවත් නිසා සමාජයේදී මූලික සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මූලික සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිබදව කිසිම අවස්ථාවකදී අවධානය ගිලිහෙන්න නොදිය යුතුයි. වැදගත්ම දේ තමයි නිසිපරිදි මුඛ ආවරණ භාවිත කරීම. හැකිනම් මුඛ ආවරණ දෙකක් භාවිත කරන්න. පුද්ගලයන් දෙදෙනකු අතර මීටරයක දුරස්ථභාවයක් පවත්වාගෙන යන්න. ඒ වගේම නිතරම දෑත් පිරිසිදුව තබාගන්න. මේවා අනුගමනය කිරිමෙන් අපේ ශරිරයට වෛරසය ඇතුළුවීම වැටීම සහ ගෙදර අයටආසාදනය වීම වළක්වා ගන්න පුළුවන්. ප්‍රභේදය කුමක් වුවත් මේ සරල උපදෙස් නිසියාකාරව පිළිපදිනවා නම් අපට මෙයින් ආරක්ෂා වෙන්න පුළුවන්. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.