Jan
10
කොරෝනා නසන රිටිගල පැණිය දයාසිරි පවුලට දෙයි.. ඇමතිතුමාව දින තුනකින් සනීප කරන්න පොරොන්දු වෙයි
කොරෝනා වෛරසය මර්දනය සඳහා රිටිගල දේවේන්ද්‍ර මහතා විසින් නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ බිරිඳ ඇතුළු එම නිවසේ නිරෝදායනය වන පවුලේ සාමාජිකයන්ට ලබාදී තිබේ.
ආසාදිත දයාසිරි ජයසේකර මහතා මේ වනවිට හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක් වෙමින් සිටී.
දයාසිරි ජයසේකර මහතාට ද ඖෂධය ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා ඔහු කැමැත්ත දෙන්නේ නම් සිටිනා ස්ථානයකට පැමිණ එය ලබා දෙන බවක් දේවේන්ද්‍ර මහතා සඳහන් කළේය.
මේ අතර රිටිගල වෙද මහතා පවසන්නේ අමාත්‍යවරයා අවසර දෙනවානම් දින තුනකින් ඔහුව සුවපත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවය.
මේ වන විට ඊට ඉල්ලීම් කර ඇති බවත් පිලිතුරක් අපෙක්ෂාවෙන් සිටින බවද රිටිගල වෙද මහතා පවසයි.
අවුරුදු 9500 ක ඉපැරණි පරපුරකින් නිර්මාණය වන මේ බෙහෙත අමාත්‍යවරයා කැමති නම් ඔහු සිටින ඕනෑම තැනකට ගොස් ලබා දී ප්‍රතිකාර කළ හැකි යැයිද රිටිගල වෙද මහතා කියයි.
මේ අතර අද මාධ්‍ය වලින් අනාවරණය කර තිබුණේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය බිවු පවුලකටම කොවිඩ් ආසාදනය වී ඇති බවය. එමෙන්ම මේ වන විට කෑගල්ලේ පැතිර යන වෛරසයේ දැඩි උණක් සහිත රෝගීන් හමු වීම නිසා මෙය කොවිඩ් 19 වෛරසයේ තවත් ප්‍රභේදයක්ද යන්න සෞඛ්‍ය අංශ සැක පහළ කර ඇත.

දින තුනෙන් ගරු යාසිරි ජයසේකර ඇමතිතුමන්ව කොරෝනා වලින් සුවකිරීමට මා සූදානම්දින තුනෙන් ගරු යාසිරි ජයසේකර ඇමතිතුමන්ව කොරෝනා වලින් සුවකිරීමට මා සූදානම්
Posted by Ritigala dewendra on Friday, January 8, 2021