Jan 23

ආසාදිත වෛද්‍යවරු 100කට ආසන්න ගණනක්


කොවිඩ් දෙවන රැල්ලේදී වෛද්‍යවරුන් 100කට ආසන්න ප්‍රමාණයකට වෛරසය ආසාදනයවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (22) මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත. එසේම දැනට වෛද්‍යවරුන් 40 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබන බව සඳහන් කරනවා.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

”දෛනිකව රෝගීන් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ඉදිරි සති දෙකක කාලය තුළ දෛනිකව වාර්තා වන මරණ ගණන ගැන අපිට කතා කරන්නට වෙනවා. එයින් කියවෙන පණිවිඩය තමයි අපේ පොසිටිව් රේට් එක 5.5 පැනලා තියෙන්නේ. දැන් මාසයකට කලින් තිබුණේ 3% මට්ටමක. අපි අවදානම් කඩඉම පැනලා ඉවරයි. දවස ගාණේ රෝගීන් වාර්තා වෙනවා මූලාශ්‍රයක් සොයා ගත නොහැකි. බිම් මට්ටමේ යතාර්ථය තමයි සමාජ ව්‍යාප්තිය. ප්‍රයෝගික යතාර්ථය තමයි සමාජ ව්‍යාප්තිය. ඒ නිසා ඉතාම පැහැදිලිව මේ සත්‍යයට මුහුණදීලා අපි ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දවස ගාණේ අපේ පද්ධතියට එකතුවෙනවා කොවිඩ් පොසිටිව් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්. වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු මේ සියලුදෙනා අද වන විට ආසාදිකයන් වෙමින් සිටිනවා. දෙවෙනි රැල්ල තුළ විතරක් 100කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. මේ මොහොතේ දී විතරක් වෛද්‍යවරුන් 40කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා ආසාදිතයින් බවට පත්වෙලා. මේ මොහොතෙදි විතරක් ඒ අයගේ ආශ්‍රිතයන් 200ක් විතර ඉන්නවා. රෝගීන් එනකොට අසාමාන්‍ය ඉහළ ප්‍රමාණවලින් ලබන මාසේ මැද වෙනකොට කවුද අය ප්‍රතිකාර ලබන්නේ. ඒ අයට ප්‍රතිකාර කරන්න වෛද්‍ය කාර්ය මණ්ඩලක් ඉතුරුවෙයිද? එක පැත්තකින් ලෙඩවෙලා රෝහල්වල වෛද්‍යවරු. අනෙක් පැත්තෙන් ඒ වෛද්‍යවරු ආශ්‍රය කරපු අය නිරෝධායනවෙලා නිවෙස්වල.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.