Jan 23

රේගුව ගැන ජනපතිගෙන් සැර කතාවක් (වීඩියෝ)


ජනාධිපතිවරයා අද (23) කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක්විය.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණයකර සිටියේ වත්මන් රජය ගන්නා සෑම තින්දුවකම වගකීම තමා භාරගන්නා බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර 7 වැනි අදියර අද එළෙස ක්‍රියාත්මක කෙරුණි.

වලල්ලාවිට යට්ටපාත ගම්මානයේ ජනතාව සමග සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වලල්ලාවිට යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයට පැමිණ ජනතාව ඇමතීමට කටයුතු කළේය.

"ගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදීම සාගල රත්නායක ඇමතිතුමා ඒ රටේ නියෝජිතයින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙන්නේ. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දීය අගමැතිතුමා මේ ගැන කතා කළා. කිව්වා, මේක ගැන අපේ අවධානයක් තියෙනවා. ඒගොල්ලංගේ විවිධ ප්‍රශ්න ගැන කතා කළා. මම ඒ වෙලාවෙත් කිව්වේ ඒ අත්සන් කරලා තිබුණු විදිහටම කරන්න බෑ කියලයි. රටේ නායකයා හැටියට මම හැම වගකීමක්ම භාර ගන්නවා. මම දන්නේ නෑ කියලා කියන්න මම සූදානම් නෑ. මොනවා හරි දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම භාර ගන්නවා. අපි දැන් කරන්නේ ආයෝජනයක්. මාව බලයට ගේන්න වැඩ කරපු ස්වාමීන්වහන්සේලත් මේකට විරුද්ධව කතා කරනවා. ස්වාමීන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න."

"මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය.., විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා," යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අනතුරුව ජනාධිපතිවරයා ජනතාවගේ ගැටලුවලට සවන් දුනි.

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බවත් ඊට පසු දින සිට ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අනාවරණ කළේය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.