Jan
25
"මේ වගේ අනතුරක් වෙලා දරා ගන්න බැරි වුණොත් අපිට ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා" - චාමර
දැන් තමයි සුව වේගෙන එන්නේ. ලබන මාසේ හිසේ සැත්කමක් කරන්න තියෙනවා. සැත්කමින් මාස තුන හතරකට පස්සේ පෙර දා සිටි චාමර ප්‍රියදර්ශන නැවත එළියට එයි.
ඉන්පසුව සුපුරුදු පරිදි රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවද?
ඔව්. රංගන කටයුතු ආරම්භ කරනවා. දැනට අධ්‍යක්ෂවරු දෙදෙනෙක් කතා කළා. දැනටමත් යන්න බැරිකමක් නැහැ. නමුත් අතේ සහ හිසේ ප්‍රශ්නෙත් එක්ක කරන්න අපහසු දර්ශන කරන්න වෙයිද දන්නෙත් නැහැනේ. ඒ නිසා සියලු දේවල් හදාගෙන සැත්කමින් පස්සේ රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවා.
ඔබ අනතුරට ලක්වීමට පෙර සම්බන්ධ වුණු ඉදිරියේදී විකාශය වීමට නියමිත නිර්මාණ තිබෙනවාද?
ඔබ අනතුරට ලක්වීමට පෙර සම්බන්ධ වුණු ඉදිරියේදී විකාශය වීමට නියමිත නිර්මාණ තිබෙනවාද?
මෑතක, ඉඳලා තමයි කරපු වැඩත් මතක් වෙන්න ගත්තේ. එක ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. ලංකාවේ පළමුවැනි 3D චිත්‍රපටය වන "ගජමෑන්" චිත්‍රපටය සහ තවත් නිර්මාණ දෙකක් එන්න තියෙනවා.
ඔබ අනතුරට පත්වූදා සිට කල්‍යාණ මිතුරන් රැසක් ඔබේ උදව්වට හිටියා නේද?
ඔබ අනතුරට පත්වූදා සිට කල්‍යාණ මිතුරන් රැසක් ඔබේ උදව්වට හිටියා නේද?
ඔව්. යාළුවොනම් ගොඩක් උදවු කළා. මගේ ළඟින්ම හිටියේ තරිඳු වීරසිංහ, නිශාන් අබේසිංහ සහ ශිරාන් මාලිංගයි. මම රෝහල්ගතව ඉන්නකොට ඔවුන් ඇතුළුව මගේ යාළුවෝ මගේ අම්මා, තාත්තා, අයියා එක්ක කතා කරගෙන පන්සල් ගිහිල්ලා මම වෙනුවෙන් දානමාන පින්කම් පවා සිදුකළා. මාව බලන්නත් මගේ ගොඩක් යාළුවෝ ආවා.
ප්‍රේක්ෂකයන් මොකද කියන්නේ?
ප්‍රේක්ෂකයන් මොකද කියන්නේ?
"ඔයාගේ ඩ්‍රාමා බැලුවා. නැවත රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ කවදද?" ඊළඟ නාට්‍ය විකාශය වෙන්නේ කවදද? කියලා ප්‍රේක්ෂකයෝ අහනවා.
අලුත් අවුරුද්දක් ලැබුවා. අලුත් බලාපොරොත්තුත් ඇති?
අලුත් අවුරුද්දක් ලැබුවා. අලුත් බලාපොරොත්තුත් ඇති?
පෙර සිටි චාමර ප්‍රියදර්ශන විදිහට ඉන්න ලැබෙයි කියන එක තමා එකම බලාපොරොත්තුව. මතක ශක්තිය පෙර තිබූ තත්ත්වයට ලැබිලා යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක කලින් හිටපු විදිහට ඉන්න වාසනාව ලැබෙයි කියලා හිතනවා.
විවාහය ගැනත් කතා කරමු?
විවාහය ගැනත් කතා කරමු?
විවාහයක් කරගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මට ගැළපෙන කෙනෙක් ලැබුණොත් විවාහ ජීවිතයට ඇතුළුවෙනවා.
ඇය තවම හමුවුණේ නැත්ද?
ඇය තවම හමුවුණේ නැත්ද?
එහෙම කෙනෙක් තාම හමුවුණේ නැහැ.
ඔබට ආදරය කරන අය වෙනුවෙන් යමක් කිව්වොත්?
ඔබට ආදරය කරන අය වෙනුවෙන් යමක් කිව්වොත්?
කිසිම මොහොතක් කිසිම කෙනකුට මේ වගේ කරදරයක් නොවේවා කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මේ වගේ අනතුරක් වෙලා දරා ගන්න බැරි වුණොත් අපිට ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඒ නිසා කිසිදු අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුනොවී හොඳින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
විශේෂයෙන් සඳහන් කිරීමට යමක් තිබෙනවාද?
විශේෂයෙන් සඳහන් කිරීමට යමක් තිබෙනවාද?
මම ඉගෙන ගත්තේ මහනුවර උඩිස්පත්තුව මධ්‍ය මහා විද්‍යාලයේ. ඉතින් මට උගන්වපු ගුරුවරු මට කතා කළා. හොයලා බැලුවා. මම මට උගන්වපු ගුරු මවුපියන්ට ආදරෙයි. ඔවුන්ට යහපත් විදිහට ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මම රෝහල්ගතව ඉද්දී ජාතික රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මට ඉතා ආදරෙන් සැලකුවා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.
මම රෝහල්ගතව ඉද්දී ජාතික රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මට ඉතා ආදරෙන් සැලකුවා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.