Jan 08

දඩ කොළයෙන් කෙලවර වූ ආදර කතාව


ඉතා රූමත් ධනවත් පවුලක සිටි එකම ගැහැනු දරුවාගේ විවාහවීමේ කාල සීමාව ළංවෙත්ම හමුවූ දුසිරිතෙන් තොර මනාලයාගේ මුදල් පසුම්බියේ තිබී හමුවූ බීමත්ව රිය පැදවීමේ දඩ කොළයක් නිසා හය මසක ප්‍රේම සම්බන්ධය නතර වූ පුවතක් බෙන්තොට ගං තීරයට නුදුරු ගමකින් වාර්තා වේ.

මිල මුදල් යාන වාහන ඉඩකඩම් අතින් කිසිදු අඩුපාඩුවක් නොතිබූ පවුලේ එකම ගැහැනු දරුවාට තම මෑණියන් මනමාලයෙක් සෙව්වේ කොන්දේසි කිහිපයක් මුල් කරගෙනය. මුල්ම කොන්දේසිය වූයේ මත්පැන් පානයෙන් වැළකී තම දියණිය ආදරයෙන් රැකබලා ගන්නා මනමාලයෙකි. ඒ අන් කිසිවක් නිසා නොව දියණියගේ පියා බීමත්කම නිසා අකාලයේ මියයැම නිසාය. සෑම පළාතකින්ම මනමාලයන් මේ නිවසට පැමිණියද පසුව වටපිටාවෙන් තොරතුරු විමසීමේදී බීමත්කම හෝ වෙනයම් දුරාචාර ක්‍රියාවන්හි නිරත වෙන නිසා දිනෙන් දින දියණියගේ විවාහය කල් ගියේය.

ටික දිනක් ගෙවී යද්දී රහමෙර පානය නොකරන කඩවසම් තරුණයකු ඇයට විවාහ යෝජනාවක් ගෙනාවේය. පසුව මව හා සහෝදරයන් එම තරුණයාට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළෝය. වැඩිහිටියන්ගේ කැමැත්ත පරිදි ඔහු මාස හයකට අධික කාලයක් සිය අනාගත සහකාරියත් නිවසට ආවේය, ගියේය. දිනක් තම යතුරු පැදියෙන් පැමිණි තරුණයාට ශරීර කෘත්‍යයක් කර ගැනීමට අවශ්‍ය වී හදිසියේම ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය කලිසම් සාක්කුවෙන් ඉවත්කර අසල සැටිය මත තබා තම ගතේ තිබූ බර ඉවත් කරගැනීමට නිවස පිටුපස තිබූ වැසිකිළියට ගියේය. මෙය දුටු ඔහුගේ සහකාරිය මුදල් පසුම්බිය අවුස්සන්නට වූයේ ඔහුගේ ඡායාරූපයක් සෙවීමටය. එහෙත් ලැබුණේ බීමත්ව යතුරුපැදිය ධාවනය කිරීමේ වරදට පොලිසිය විසින් නිකුත් කරන ලද දඩ කොළයකි. මෙය දුටු ඇය වහා තම මවට මෙය පෙන්වීමෙන් පසු මව එය තම භාරයට ගත්තේය.

මේ කිසිවක් නොදන්නා තරුණයා තම කාරිය නිමකොට සැටිය මත තිබූ භාණ්ඩ කලිසමට දමා ගත්තේය. මවද ඒ අසලට පැමිණ “ඔය ළමයා අරක්කු බොන්නෙම නැද්ද?” අසද්දී “අනේ අම්මේ ඔය ජරාව කවුද බොන්නේ කාටද බීලා හරි ගියේ” පෙරළා උත්තර බැන්දේය. ආ එහෙමද යැයි පැවසූ මව මෙතෙක් වෙලා සඟවාගෙන සිටි දඩකොළය තරුණයාගේ ඔඩොක්කුවට විසි කළේ “ආයි ඔය ළමයා මෙහෙ නාවට කමක් නෑ දැන් ඉතින් යනවා” යැයි කෝපයෙන් පවසති.

වැඩේ වැරදුණු බව දැනගත් තරුණයා ආපසු එන්නට පිටත් වූයේ කතා කිරීමට කිසිවක් නොමැති නිසාය. දඩකොලයක් නිසා දේපළ මිල මුදල් යාන වාහන හා සම්බන්ධතාවය ද අතහැර ආපසු එන්නට පිටත් වූයේ තමාටම දොස් කියා ගනි

ඇම්. ඒ. ප්‍රේමසිරි – ඉඳුරුව
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.