Jan 11

යාපනය සරසවියේ උපකුලපතිම ස්මාරකයට නැවත මුල්ගල් තබයි !


යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අද (11) අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස හමු වී යුද ස්මාරකය කඩා ඉවත් කරන ලද ස්ථානයේ නැවත ස්මාරකයක් ඉදිකිර දෙන බවට පොරොන්දු වෙන බවට සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙසේ මාරාන්තික උපවාසය අවසන් කිරීමට සිසුන් විසින් පියවර ගෙන තිබුණි.

මේ අනුව උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සරසවි සිසුන් පිරිසක් විසින් කඩාදැමුනු යුද ස්මාරකය ස්ථානයටම ගොස් එම ස්ථානයේදීම නව සැමරුම් ස්මාරකයක් වෙනුවෙන් මුල්ගල තැබීමද විශේෂත්වයකි.

කඩා දැමුනු යුද ස්මාරකය නැවත සාදාදෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරන ලද මාරාන්තික උපවසායේ නිරත සිසුන් ඊයේ රාත්‍රීෙය් කිසියම් අසනීප තත්වයක් ඇතිවීමත් සමග යාපනය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් උපවසාය තිබූ ස්ථානයට පැමිණ වෛද්‍ය ප්‍රතිකාරද ලබා දෙනු ලැබීය.

අනතුරුව අද (11) අලුයම් කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් උපවාසයේ නිරත සිසුන්ට කැඳ කෝප්පයක් ලබා දීමෙන් පසුව සිසුන් විසින් උපවසාය අත්හරින ලදි.

කෙසේ වෙතත් අද (11) දින මුල්ගල තැබුනු ස්මාරකය ඉදිරියේදී සාමයේ කුලුණ ලෙසින් හැඳින්වීමට නියමිත බවට යාපනය විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර් ග වැඩිදුරටත් පවසා සිටියි.

- වන්නි රොමේෂ් මධුෂංඛ
- lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.