Jan 11

ඇමති වාසුගේ ආශ්‍රිත මන්ත්‍රීවරු 10ක් හඳුනාගැනේ


කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම මන්ත්‍රීවරු සියලුදෙනා සහ අදාළ අංශ මේ වන විට දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී දින 4 ම පාර්ලිමේන්තුවට පැමිණ තිබු බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව පසුගිය 05,06,07 සහ 08 යන දිනවල අමාත්‍ය වාසුදේව මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ලේඛනයේ ද සටහන්ය.

අමාත්‍යවරයා පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු ලබාදීමට ද කටයුතු කළේය.

එමෙන්ම අමාත්‍යවරයා පසුගිය 05 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හි සම්මන්ත්‍රණයකට ද සහභාගි වී සිටිනු දක්නට ලැබුණී.

ලබන 13 සහ 15 යන දිනවල දී පෙ.ව 10 සිට පස්වරු 3 දක්වා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයා දන්වා තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News | Lanka Gossip | Sinhala News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.