Jan 19

හෝරාවක් තුළ රටක් වසඟ කළ "ශුක්රා මුනව්වර්" දියණිය


එක හෝරාවක් තුළ මුළු රටක් වසඟයට ගත් මුස්ලිම් ජාතික ශුක්රා මුනව්වර් දියණිය මේ වන විට ශ්‍රී ලාංකීය මෙන්ම විදේශගත ලාංකිකයන්ගේ වීරවරිය බවට පත්ව තිබෙන්නේ මුහුණුපොතේ ඒ පිළිබඳ අපූරු සටහන් ද එක්කරමිනි.

ඊයේ (17) සිරස ලක්ෂපති වැඩසටහනට එක්වෙමින් ශුක්රා මුනව්වර් පුරා පැයකට ආසන්න කාලයක් තුළ ප්‍රශ්න15න් ප්‍රශ්න 12කට නොදැවී පිළිතුරු දෙමින් ලබන 23 සෙනසුරාදා ඉතිරි ප්‍රශ්නයන්ට ද පිළිතුරු දීමට පැමිණීමේ අරමුණින් නික්ම ගියේ මුළු රටක් වසඟයට පත් කරවමිනි.

උසස් පෙළ ශිෂ්‍යාවක් වන ශුක්රා මුනව්වර් තම පියා දැඩි සේ රෝගාතුරව එක්තැන්ව සිටිද්දීත් දෙමාපියන්ට බරක් නොවී online හරහා අධ්‍යාපනය ලබන්නට ලැප්ටොප් එකක් ගැනීමට සිහිනයක් සිතේ තබාගෙන ලක්ෂපතියට ගොඩ විය.

අවිද්‍යාවට පිළිතුරු ලෙස විද්‍යාවත්, ආගම් හා ජාතිවාදයට එරෙහිව සංහිඳියාවත්, මිත්‍යාවට එරෙහිව ප්‍රඥාවත් විචාරශීලී බවත් අවදි කරමින් තාර්කික විචක්ෂණ බුද්ධියක් විදහා දක්වමින් ඔබ දැක්වූ කුසලතාවය ඉතා අගයමු. ගිනිගෙන ඇවිලෙන මේ ශ්‍රී ලාංකික මාතෘභූමියට තවත් මලාලා යුසුප්සායි කෙනෙකු වන්න. එසේ තබා තිබු එක් මුහුණු පොත සටහනක සඳහන්ය.

මනුස්සකම, කළගුණ සැලකීම, අධිෂ්ඨානය, බලාපොරොත්තුව, උත්සාහය, මහපොළොවට පරිසරයට ආදරය කිරීම ආදී මෙකී නොකී සෑම දෙයකින්ම සමන්විත ඔබ වැනි දරුවන් රටට අවශ්‍ය බව තවත් එක් මුහුණු පොත සටහනක තිබේ.

දරුවෙක් හදනවා නම් ඇය වගේ හදන්න යැයි සඳහන් තවත් එක් මුහුණුපොත් සටහනක් තබා තිබෙන අතර එහි ඇය පිළිබඳ ඉතා හරබර රසවත් කවි පෙළක් ද ඇතුළත් කොට තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.