Jan 06

කොකනට් හිල්ස් හි සුන්දරත්වය කම්බි වැටෙන් වෙන් කලේ කවුරුන්ද ?


දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මිරිස්ස "කොකනට් හිල්ස්" නමැති ස්ථානයේ භූමිය, එහි ස්වභාවික සුන්දරත්වය විනාශ කරමින් කැබලි කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (05) ප්‍රචාර පැතිර ගොස් තිබුණි.

ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති මිරිස්ස වෙරළ තීරය සංචාරකයින්ගේ සිහින පාරාදීසයකි.

ඒ ආසන්නයේ ඇති මෙම "කොකනට් හිල්ස්" නම් පොල් රුප්පාවකින් සමන්විත සුන්දර උස් බිම්තීරය දෙස් විදෙස් සංචාරකයන් සේයාරූ සඳහා පෙනී සිටීමට භාවිත කරන සුප්‍රසිද්ධ ස්ථානයකි.

කෙසේවෙතත් ඊයේ වනවිට දක්නට ලැබුණේ සංචාරක ආකර්ෂණය දිනූ "කොකනට් හිල්ස්" නම් උස් බිම් කඩ මාඉම් කරමින් කම්බි වැටක් ඉදිකර ඇති අයුරු ය.

මෙහි සුන්දරත්වය පිළිබඳ අදහස් දැක් වූ සංචාරකයින් සඳහන් කළේ, "මෙතන උඩට පෙනෙන දර්ශනය ඉතා අලංකාරයි. ඒ වගේම උස පොල් ගස් තිබෙනවා. එම දර්ශන ඉතා චමත්කාරයි. හොදින් හිරු පායා ඇති දිනක වතුර විවිධ පාටින් දැක ගන්න පුළුවන්," යනුවෙනි.

පර්චස් 400 කින් සමන්විත මෙම බිම්තීරයෙන් පර්චස් 320 ක් ශ්‍රී ලාංකිකයකු වෙතත්, ඉතිරි පර්චස් 80 විදේශිකයකු වෙතත් පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති බවට, ඒ පිළිබඳ අප කළ සොයා බැලීමේදී අනාවරණ විය.

අදාළ හිමිකාර ශ්‍රී ලාංකිකයා මෙම පොල් රුප්පාව කොන්ක්‍රීට් කනු සිටුවමින් ඉඩම් වෙන් කිරිම සිදුකර තිබේ.

මුහුදු තීරයේ සිට මීටර 300 ක් දක්වා දුරට ඉඩම් පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පැවතියද ඒ සඳහා අදාළ නීතිරීති පවතින බැවින් කොටවිල පොලිසිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පිළිබඳ ලිපියක් මගින් දන්වා තිබුණි.

සමාජමාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ මෙම සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේද අවධානය යොමුවී තිබුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉඩම් හිමිකරු, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ප්‍රදේශීය සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණි.

ඒ අනුව පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පැවති එම භූමියේ ඉදිකළ වැට ඉවත් කිරීමට හිමිකරු කටයුතු නොකරන්නේ නම් ඔහුට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ නීතිමය පියවර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.