Dec
08
තිහාරියත් අටලුගම වගේ වෙන්න හදයි
තිහාරිය ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ මග හරිමින් එම පරීක්ෂණ සිදුකිරීම ප්‍රතික්ෂේප කිරීමේ තත්වයක් උදා වී ඇති බවත් මෙය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා පවසනවා.
මේ හේතුවෙන් මෙම ප්‍රදේශය හුදෙකලා කිරීමට සිදු විය හැකි බවත් මේ පිළිබඳව ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමග අද (08) දින සාකච්ඡා කර පියවරක් ගන්නා බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
මේ තත්ත්වය නිසා අද දින අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති බව ඔහු සඳහන් කර සිටියා.
ඊයේ (07) දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 94 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් අතරින් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 30 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසයෙන් 29 දෙනෙකු වාර්තා වීම ද කැපී පෙනෙන බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ.
එසේම වතුපිටිවල පිහිටි නිදහස් වෙළෙඳ කළාපයේ එක් ඇගලුම් කර්මාන්තශාලාවකින් ඊයේ දින ද කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු වාර්තා වී තිබීම ද විශේෂත්වයක්.