Dec 06

හිර ගෙදරම ඉවරකරන්නට පෙර හමාර කළ මහර කැරැල්ලේ සැගවුණු ඇත්ත


මහර පිපිරීම


දිනය ඉකුත් 29 වැනි ඉරිදා විය. එදින පස්වරු 4.30 ට පමණ එක්තරා බන්ධාගාර නිලධාරියෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ‘අයියේ දන්නවද මහර බන්ධනාගාරයේ වෙඩි තියා ගන්නවා. හොයල බලන්න’

මට එසේ කී හෙතෙම දුරකථනය හදිසියේම මෙන් විසන්ධි කළේය. ඒ සමගම බුද්ධි අංශ නිලධාරියකු අමතා ඒ බව දැනුම් දුන් මා දෙවනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට කතා කළේය.

ඔහුගෙන් දුරකථනයට ප‍්‍රතිචාරයක් නොලැබිණි.

ඒ අන්දමට අද දවසේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවල සිටින කිහිප දෙනකුම ඇමතුවද ප‍්‍රතිචාරයක් නොවීය. අවසනායේ පස්වරු 6.00 පමණ මම යළිත් මට මුලින්ම තොරතුර ලබාදුන් බන්ධානාගාර නිලධාරියා ඇමතුවෙමි.

‘අයියේ ඇතුළෙ හිටිය දාහක් විතර කඩාගෙන එළියට ආවා. උන් දොර ළගට ඇවිත් දොරට ගැහුවා. එවෙලේ නිලධාරි වෙඩි තිබ්බා. කට්ටියක් ඇතුළේ වැටිලා ඉන්නවා. මේ වෙනකොට හයක් මැරිල. තුවාල වෙච්ච විස්සක් විතර හොස්පිටල් ගෙනිච්චා’

ඔහුගේ ප‍්‍රකාශයත් සමග යළිත් බන්ධානාගර ප‍්‍රධානීන් අමතා තොරතුරක් දැන ගැනීමට උත්සාහ කළද ප‍්‍රතිචාරය පෙර සේමය. වේලාව රාති‍්‍ර අටටද ආසන්න වෙමින් ඇත. සත්‍ය තත්ත්වය දැනගැනීමටද අවශ්‍යය.

කරන්නට කිසිත් නොමැති තැන පසුගිය දිනවල කිසිසේත්ම බන්ධනාගාරය තුළ නැතැයි ප‍්‍රබලයන් කී බන්ධනාගාරය අභ්‍යන්තරයේ සිටින රැදවියකු සතු ජංගම දුරකථනයකට ඇමතුවෙමි.

ඇස්වහක් කටවහක් නැත. මොකා මොන කුණුහරුප කීවද එය වැඩකරන්නේය. රැදවියා ප‍්‍රතිචාර දක්වයි. ‘ඒයි මල්ලි මොකද වෙන්නේ?

දැන් ඔහු මට කාතාව කියයි. මහත්තයා. අද දවල් ඇතුළෙ තවත් එකසිය ගණනකට පොසිටිව් කියලා රිසාල්ට් එක ආවා. ඒ අයගෙන් සීයක් විතර ඒ වෙනකොටත් හිටියේ අනිත් උනුත් එක්ක රිමාන්ඞ් කෑල්ලේ. අපි හැමෝම ගොඩ දවසක ඉදන් මහත්තුරුන්ට කියන්නේ කොරෝනා හැදුන අයවයි එයාල එක්ක එකට හිටිය අයවයි වෙන් කරන්න කියල.

හැබැයි ඉතින් වෙන් කරන්න නම් කොහෙට හරි අරගෙනම යන්න ඕනේ. මොකද තුන්දාහක් විතර ඇතුළේ ඉන්නවා. විසිට් නවත්තපු දවසේ ඉදන් හැමෝම කෑවේ වතුරයි බතුයි. නිදා ගත්තේ එකාපිට එකා. උදේට ටොයිලට් එකට ගියේ පෝලිමේ. ඇදන් ඉන්න ඇදුමේ වැඬේ කෙරුනත් වෙලාව එනකම් බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ.

ඒ වගේම කොරෝනා බය දැනුන දවසේ ඉදන් ඔක්කොටම පී. සී. ආර්. කරන්න කියන ඉල්ලීමත් කළා. ඒත් පොඞ්ඩක් ඉදපන් කරන්නම් කියනවා ඇරෙන්න කවුරුත් කරපු දෙයක් නැහැ. කොරෝනා හැදුන අයයි එයාලත් එක්ක එකට ඉන්න අයයි අනිත් හැමෝමයි ඔක්කොම එකගොඬේ එකටම තිබ්බා.

අන්තිමට අද රිසාල්ට් එකේ එකකසිය ගණනක් පොසිටිව් කියල දැනගත්ත ගමන් ඔක්කොම කෑගහගෙන එළියට පැන්නා. එච්චරයි වෙන දෙයක් වුණේ නැහැ. එතනින් එහාට ඉතිං කියන්න ඕනේ නැහැනේ. ලෙඬේ හැදෙයි කියල බයවෙලා පීඩනයෙන් කරකියා ගන්න දෙයක් නැතුව හිරවෙලා හිටිය දාහක් එක්දහස් පන්සියයක් විතර එකපාර ඇවිස්සුනහම මොකද වෙන්නේ කියලා.

තවමත් එලියෙන් වෙඩි තියනවා. දැන් බන්ධනාගාරෙ තැන තැන බිල්ඩින් දෙකතුනක් ගිනි ගන්නවා. තුවාල වෙච්ච උන් තැනින් තැන වැටිලා කෙදිරි ගානවා. සමහරු කෙ`දිරියක්වත් නැහැ. මැරිලා වෙන්න ඇති. අධිකාරිගේ ඔෆිස් එකටත් ගිනි තියලා.

කට්ටිය ඔක්කොම යක්කු වගේ වෙලා ඉන්නේ. හැබැයි මේකත් කියන්න ඕනේ. ඉස්සර වෙලාම ගිනිකූර ගැහුවේ එළියට පැනපු එවුන් නෙමෙයි. මහත්තුරුන්ගේ පාටි කාරයෙක්. එහෙම වුණේ බන්ධනාගාරේ වෙච්ච වංචාවක් වහගන්න. ඒව ඉතින් මේකේ ඇතුළේ ඉන්න අපිට රහසක් නෙමෙයි සමන් මහත්තයා.

මේ වෙනකොට නම් කඩවත පොලිසියේ රාළහාමි මරපු බන්ටියි, මල්වානේ බොසයි, බොල්ලතේ කුමාරයි, කදානේ සබීතයි, කැප්ටන් ඉසුරුයි තමයි ගේමේ ඉස්සරහින්ම ඉන්නේ. මහත්තුරු අපිට ඇහුම්කන් දීල කොරෝනාවලට කරන්න ඕන දේ හරියට කළා නම් මෙහෙම වෙන්නේ නැහැ සමන් මහත්තයා. ඒ අස්සේ ඇතුළේ ඉන්න පාතාල කල්ලිත් මරා ගන්නවා.

ඔහු එතැනින් පසු දුරකථනය විසන්ධි කළේය. ඒ රැය ගෙවී පසුදාට පහන් වී යළිත් රාති‍්‍රය එළැඹෙන තෙක්ම මහර බන්ධනාගාරය ඇවිලී ගියේය. සියල්ල විනාශ විය. එකී විනාශය සිදුවෙද්දී මහර රැදවියන් 2782 සිටි

බන්ධනාගාරයේ රාජකාරි කළේ සාමාන්‍ය නිලධාරීන් නව දෙනකු බවද පසුව අනාවරණය වී තිබිණි.

අපේ වැටහීමේ හැටියට ඒ සම්බන්ධයෙන් නම් ඍජුවම වගකිවයුත්තේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සහ පාතාලයන් විසින් ජෙලර්වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හමුවේ දකුණේ පාතාලය සම`ග සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ස්ථාන මාරු කිරීමෙන් පසුව මහර බන්ධනාගාරයේ ලොක්කා වූ අධිකාරිවරයාය.

සහකාර අධිකාරී සහ ප‍්‍රධාන ජේලර්වරයාටද ඒ වගකීමෙන් ගැලවිය නොහැක. වත්මන් ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසු තුෂාර උපුල්දෙණිය මහතාව බන්ධනාගාර මුල් පුටුවේ වාඩි කරවූයේ පුටුව දෙස බලා සිටින්නට නොව වැඩ කරන්නටය.

එනිසා බන්ධනාගාර තුළ කාලයක සිට පවතින නිලධාරී හිගයට පිළියමක් සොයා කෙසේ හෝ කරුණු ඉදිරිපත් කර එය විස`දා ගැනීමට තිස්වසරක් පමණ බන්ධනාගාර සේවයේ යෙදී අත්දැකීම් ඇති උපුල්දෙණිය මහතාට නොහැකි නම් තවත් කතා කරන්නට දෙයක් නැත.

රිවර්ස් පෙත්ත

මේ සිද්ධිය සිදුවූ දිනට පසු දිනයේ පාර්ලිමේන්තුව පැමිණි ඇමැති විමල් වීරවංශ මහතා හිටපු පාතාල නායක රණාලේ සමයංගේ ගෝලයකු වන බන්ධනාගාරගතව සිටි චතුරංග නමැත්තකු රිවර්ස් පෙති රැදවියන්ට ලබාදීම නිසා සියල්ල සිදුවූ බව සදහන් කළේය.

මද කිපිච්ච අපේ තරුණ තරුණියෝ ෆේස් බුක් සාද වැනි තැන්වලදී පානය කරනු ලබන රිවර්ස් නමින් වූ පෙත්තක් හෙවත් පිල් එකක් නම් තිබිණි. එහෙත් එය මිල අධිකය. එසේම ඒවා පානය කිරීමේදී වේග රිද්ම සංගීතයට හති දාගෙන නැටීම සහ අවසානයේ මතින් මත් වී අහුවුණු එකා සමග යහන්ගත වීමට බැලීම මිස මෙවන් දේ නම් සිදු නොකරති.

විමල් වීරවංශ මහතා සදහන් කළේ ඒ රිවර්ස් පෙත්ත නොවිය යුතුය. බන්ධනාගාරයේදී රිවර්ස් පෙත්ත කියනුයේ මානසික රෝගීන්ට දෙන පෙත්තකි. බන්ධනාගාර භාෂාවෙන් එයට කියන්නේ මෝල් පෙත්ත කියාය. එය නම් විනාශකාරී එකකි.

රණාළේ සමයං ජීවත්ව සිටියදී මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදු කළ නිසා ඔහුගේ ගෝලයන් ගුරා ගිය පාරේ යනවාද ඇත. මේ වන විට බන්ධනාගාරගතව සිටින චතුරංග නමැති පාතාල ගෝලයා බන්ධනාගාරය තුළත් මත් ජාවාරමේ නිරත වෙනවාද විය හැකිය.

එහෙත් ඒකා එදා මහර බන්ධනාගාරයේ රැදවියන් අතර බෙදා හැරියානම් බෙදන්නට ඇත්තේ සෑබෑ රිවර්ස් පෙත්ත හෙවත් පිල් එක විය නොහැකිය. එහි මිලේ හැටියට දහසකට පමණ නොමිලේ බෙදන්නට නම් වෙනම වැය ශීර්ෂයක් සම්මත කරගත යුතුය.

ඒ අනුව බලන කල ප‍්‍රකෝපකාරී වූ මහර බන්ධනාගාරයේ රැදවියන් එදා පානය කළා නම් කරන්නට ඇත්තේ මෝල් පෙතිය. මෙම සිද්ධියට පසුදා මහර බන්ධනාගාර රෝහලේ සේවය කරන සියයට තුනේ කල්ලියේ වෛද්‍යවරයකු රැදවියන් උසිගන්වා ඇතැයි යනුවෙන් කතාවක්ද කියැවිණි.

එවැන්නක් සිදුව ඇතිනම් අදාළ වෛද්‍යවරයාට එරෙහිව උපරිමයෙන් නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. නීතිය පමණක් නොව එසේ කටයුතු කර තිබේ නම් ඔහුගේ වෘත්තිකභාවයද අහෝසි කර දැමීම වඩාත් සුදුසු වේ.

එසේම ගැටුමට පෙර බන්ධනාගාර රෝහලේ ඇනවුම් කර ගෙන්වන ලද මානසික රෝගීන්ට දෙන බන්ධනාගාර භාෂාවෙන් මෝල් පෙති යැයි කියන පෙති 21000 ක් පමණ ගබඩා කර තිබුණු බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතාද පැවසීය. එසේ නම් මහර බන්ධනාගාරය තුළ මේ සිදුවූයේ බරපතළ කුමන්ත‍්‍රණයක්ද?

ශානි අබේසේකර

සිරගතව සිටියදී කොරෝනා වැළ`දී මේ වන විට අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබන සීඅයිඞීයේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරද පසුගිය කාලයේ ර`දවා සිටියේ මහර බන්ධනාගාරයේ ය.

සියයට තුනේ වෛද්‍යවරයකු වැඬේට සම්බන්ධ නම් හා ගැටුමට පෙර මහර බන්ධනාගාර රෝහලේ මානසික රෝගීන්ට දෙන පෙති විසිඑක්දහසක් ඇනවුම්කර ගෙන්වා ගබඩා කර තිබුණේ නම් මේ සිදුවූයේ මහර බන්ධනාගාරය තුළ ගැටුමක් නිර්මාණය කර ඒ තුළින් ශානි අබේසේකරගේ ජීවිතයට හානියක් සිදුකිරීමට දැරූ උත්සායක් විය නොහැකිද?

එමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාත්‍යන්තර විත්තිකරුවකු කර දංගෙඩියට රැගෙන යෑමට කිසිවකු හෝ සැලසුම් කළේද?

කෙසේ වෙතත් එවන් කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වුවද නොවුණද වාසනාවකට මෙන් කොරෝනා වැළදී මහර බන්ධනාගාරයෙන් ඉවතට ගෙනගිය නිසා අද ශානි අබේසේකරට කිසිදු හානියක් නැත. වැරදිලාවත් ඔහු මහර බන්ධනාගාරයේ ර`දවා සිටියදී මෙවන් ගැටුමක් ඇතිවී ඔහුට යම් හානියක් සිදුවූයේ නම් අද කුමක් සිදුවනු ඇතිද?

එසේ නම් මේ වන විටත් සිරකරු පේ‍්‍රමයෙන් මුසපත්ව සිටින විපක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වැන්නවුන් මිනීමරුවා යැයි කියමින් ජනාධිපතිවරයාව සක්වල ගලේ තබා අපුල්ලනු ඇත.

කොරෝනා සහ බන්ධනාගාර

මෙරට බන්ධනාගාර යනු අමු අපායවල් බව අප කියනුයේ බොහෝ කලක සිටය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රට කරවන සමයේ මෙන්ම පසුගිය රජය සමයේද අවස්ථා රැසකදී අපි ඒ බව වගකිවයුත්තන්ට පෙන්වා දුනිමු.

එහෙත් සිදුවූ දෙයක් සහ සිදු කළ දෙයක් නම් නැත. හැමදාමත් බන්ධනාගාරයට යන එකා පණපිටින් අපාගත විය. මෙහිදී අප කියන්නේ බන්ධනාගාර තුළ මාලිගා තැනිය යුතුයැයි යන්න නොවේ. ඒවා මිනිසුකුට ජීවත් විය හැකි තැන් සහ වරදකරුවා තුළ නිවැරදි වීමේ මානසිකත්වයක් ගොඩනැගෙන ස්ථාන ලෙසින් කි‍්‍රයාත්මක විය යුතුයි යන්නය.

එහෙත් අද දවසේත් රැදවියාගේ බත්පතේ සිට සිදුවන ගසා කෑම වැනි අකටයුතුකම් මිස රැදවියන්ගේ සුබසාධනය වෙනුවෙන් සිදුවන කිසිවක්ම නැත. තිබුණත් තිබෙන්නේ මාධ්‍ය සංදර්ශනය. රැදවියෝ වි`දවමින් සිටිති.

මෙවර බන්ධනාගාර තුළට කොරෝනා මුලින්ම පැමිණියේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරියකට වෛරසය ආසාදනය වීමේ සිද්ධියක් සම`ගිනි. එහෙත් එතැන් පටන් වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරී ලාහීර් මහතා සහ කොළඹ රිමාන්ඞ්
බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු සමහරු කි‍්‍රයාත්මක වූයේ කෙසේද?

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට අනුව කොරෝනා වැළදීම යනු සාමාන්‍ය තත්ත්වයකි. හෙතෙම තමන්ට උපදෙස් දෙනුයේ ඒ අන්දමට බව වැලිකඩ රාජකාරි කරන නිලධාරීහුම පවසති. මෙවන් මානසිකත්වයක් ඇති ඇතැම් නිලධාරීන් නිසා මෙවර කොරෝනා වැළදීමත් සමග දිගින් දිගටම සිදුවූයේ කොරෝනා ආසාදිතයන් පැටව් ගැස්සවීමකි.

‘කලින්ම ආසාදිත වුණු යාළුවගේ ඇෙද් මම දැන් ඉන්නේ.. ඊයේ පොසිටිව් වුණ මගේ අනිත් යාළුවා ළගම ඇෙද්.. පොසිටිව් වුණ හතර දෙනෙක් එක්ක අඩි අටක කාමරයක තමයි දවස් දෙකක් හිටියේ.. මේ මාසේ ඇතුළත පොසිටිව් වුණු එකොළොස් දෙනෙක්ගේ සමීපතම ආශි‍්‍රතයෙක් මම.. ඒත් මම තාම වැඩ..’

මේ ස`දහන් කෙරුණේ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා පාලනය පිළිබද එහි රාකාරි කරන ජේලර්වරයකු තමන් නවාතැන් ගෙන සිටින බැරැක්කයේ තිබෙන තත්ත්වය පිළිබද සිය ෆේස්බුක් පිටුවේ තැබූූ සටහනකි. ඉතින් තවත් කවර කතාද?

වැලිකඩ බන්ධනාගාරයේ රැ`දවියන් ද මෙවන් අත්තනෝමතික වැඩ පිළිබ`ද කතා රැසක් පසුගිය කාලයේ අප අමතා කීය. එහිදී හැකි අයුරින් අදාළ තැන්වලට ඒ බව දැනුම් දීමටද කටයුතු කළේය. එහෙත් දිගින් දිගටම බන්ධනාගාර තුළ සිදුවූයේ කොරෝනා මර්දනය නොව වර්ධනය කිරීමය. අප ඒ බව කියනුයේ වගකීම් සහිතවය.

සිදු වූයේ එය නොවේ නම් මුලින්ම ඖෂධ සංයෝජකවරියකට වැළදුනු කොරෝනා බන්ධනාගාර රැදවියන් සහ නිලධාරීන් වශයෙන් දහසකටත් අධික පිරිසක් දක්වාම වැළෙදන පරිදි පැතිර ගියේ කෙසේද? නිසි පාලනයක් තිබුණේ නම් ඒ තත්ත්වය වළක්වාගත හැකිව තිබුණක් නොවේද?


බන්ධනාගාර තදබදය

මේ වන විට මෙරට බන්ධනාගාර තුළ රැදවා සිටින රැදවියන් සංඛ්‍යාව 28000 කි. ඒ සිරගත සහ රක්‍ෂිත බන්ධනාගාරගත ලෙසිනි. මේ සංඛ්‍යාව මෙරට බන්ධනාගාර පද්ධතියට කිසිසේත්ම දරාගත නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට ප‍්‍රධාන වශයෙන් බලපෑ ප‍්‍රබල හේතුවක් වූයේ විද්‍යුත් මාධ්‍යවේදීන් පොලිසි ඇතුළටම කැදවා පසුගිය කාලයේ ග‍්‍රෑම් පහ සහ දෙක ලෙස කුඩු අල්ලමින් රටපුරා පොලිසි මගින් නිර්මාණය කළ කෙටි චිත‍්‍රපටය. නැතහොත් පැවත්වූ මාධ්‍ය සංදර්ශනය.

පොලිසිය මෙසේ සංදර්ශන පවත්වද්දී රටේ කුඩු ජාවාරම නතර වූයේ නම් නැත. එහෙත් ලොක්කෝ කීවේ කුඩු අවසන් බවය. එසේ කී ඕනෑම ලොක්කෙක් පැමිණියහොත් රොටි හදන්නට තරම් කුඩු තොග තවමත් මෙරට ඇති බව සමාජ සාධක මගින් පෙන්වා දෙන්නට අපට හැකියාව ඇත.

තොගපිටින් රටට කුඩු ගෙන්වන මොහොමඞ් සිද්ධික්, කිඹුලා ඇළේ ගුණා ඇතුළු ජාවාරම්කරුවන් රැසක් මේ මොහොතේත් ක‍්‍රියාත්මක වෙද්දී ඒ මාර්ග නොවසා ග‍්‍රෑම් 5 - 2 ඇල්ලීමෙන් මේ රටේ කුඩු ජාවාරම නතර කළ හැකි යැයි කිසිවකු හෝ පවසන්නේ නම් එසේ කියනුයේද රිවර්ස් හෙවත් මෝල් පෙත්ත ගැසිය යුතු අයෙකි.

මෙසේ පොලිසිය පසුගිය කාලයේ කුඩු අල්ලද්දී රටේ නීතියට අනුව ග‍්‍රෑම් 5 සහ 2 ලෙසින් වූ ඒ සියලූ නඩුවලට ඇප ලබාදීමට මහෙස්ත‍්‍රත්වරුන්ට බලයක් නොවීය. මෙරට නීතියට අනුව මත්කුඩු ග‍්‍රෑම් 2 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යනු මරණීය දණ්ඩනය හිමිවන චෝදනාවකි. එහිදී කිසියම් සැකකරුවකු ඇප ලබාගත යුත්තේ මහාධිකරණයෙනි. එය තරමක් සංකීර්ණ කි‍්‍රයාවලියකි.

මේ අනුව පොලිසියේ කුඩු ඇල්ලීමේ මෙහෙයුම්වල එකම ප‍්‍රතිඵලය වූයේ බන්ධනාගාර පිරී ඉතිරී යෑමය. අප මේ කරනුයේ පොලිසියට දොස් පැවරීමක් නොවේ. යථාර්ථය පෙන්වා දීමකි. අද ඇතැමුන් කියනුයේ බන්ධනාගරගත අයට කඩිනමින් ඇප ලබාදී නිදහස් කරන බවකි. එහෙත් එය රටේ නීතියට පිටින් කළ හැකි දෙයක් නොවේ.

සමන් ගමගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.