Dec
02
නව හැවිරිදි දැරියක් සියදිවි නසාගෙන
යාපනයේ පේදුරුතුඩුව, සරෙයිඅඩි ප්රදේශයේ වයස අවුරුදු නවයක දැරියක් ගෙළ වැළලාගෙන මියගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශාල සැකයක් හටගෙන ඇති නිසා පේදුරුතුඩුව පොලිසිය ඒ සම්බන්ධයෙන් පෙරේදා (30 දා) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
හම්සි ශ්රී ධරන් නමැති මෙම දැරිය නිවසේ සිටියදී ඇගේ දෙමව්පියන් නිවසින් බැහැරව ගොස් ඇති අතර ඔවුන් ආපසු නිවසට පැමිණෙන විට දැරිය නිවසේ ජනේලයක එල්ලී සිටි බව පොලිසියට ප්රකාශ කොට තිබේ. පේදුරුතුඩුව පොලිසිය දැරියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව රෝහලට භාර දී ඇති අතර වයස අවුරුදු නවයක දැරියක් ගෙළ වැලලාගෙන මියයෑම විශ්වාස කළ නොහැකි සිද්ධියක් බව පවසයි. දැරියගේ මරණය අත්වැරැුද්දකින් සිදු වූ මරණයක්ද එසේ නොමැති නම් වෙනත් ආකාරයකින් සිදුවූ මරණයක්ද යන්න සෙවීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ