Dec
22
නිරෝධායන නීති කඩකළ දොස්තර මෙන්න
නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමීමට නාවලපිටිය නව කුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කර තිබුණි.
ඒ, ස්වයං නිරෝධායනයට යොමුවන්නැයි උපදෙස් ලබාදී තිබියදීත් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන වෛද්‍යවරයා ඒ බව නොතකා රෝගීන් සඳහා ඖෂධ ලබාදීම සිදුකර ඇතැයි අනාවරණ වීමත් සමගය.
මෙම වෛද්‍යවරයා නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බැවින් දින 14 ක් නිවසේ නිරෝධායනයට යොමුවන ලෙස දැනුම් දී තිබු අයෙකි.
නිරෝධායන නීතී උල්ලංඝණය කරමින් මහජන රැස්වීම් කිහිපයකටම සහභාගි වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් ආසාදිත බව දෙවන පීසීආර් පරීක්ෂණයෙන්ද ඊයේ (21) තහවුරු වූ අතර ඔහුව හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ ඊයේ රාත්‍රියේ පියවර ගත්හ.
එම මන්ත්‍රීවරයා තලවකැලේ - ලිඳුල නගර සභාවේ රැස්වීමකට සහභාගි වී තිබීම හේතුවෙන් ඊට එක්වූ එම නගර සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා හා සේවකයින් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
මේ අතර, බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් ඉකුත් දෙදින තුළ කොවිඩ් ආසාදිතයින් 325 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර මේ දක්වා එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 931කි.