Dec 20

ලබන අවුරුද්දේ කසාද බඳිනවා... පුළිගු හි පොඩි වෙදනෝනා කසාද බඳින්නේ නළුවෙක්ද?


පුළිගුහි පොඩි වෙදනෝනා, හොඳ වැඬේහි නිරාෂා, ඉන්ටර් නැසනල් හි චාරුණී ලෙසින් ඔබ හමුවට එන ඇය මේ දිනවල අතිශය කාර්ය බහුල නවක නිළියක්. බැංකු රස්සාව අතහැර දාලා රගපාන්න ආපු ඇය නමින් තරින්දි ප‍්‍රනාන්දු.  ඇගේ ජීවිතය ගැන වගේම රගපෑම ගැන අපි ඇයත් සමග පුංචි පිළිසඳරක යෙදුණා. මේ ඒ කතාබහේ පෙළ ගැස්මයි.

තරින්දි ප‍්‍රනාන්දු අතිෂය කාර්ය බහුල නිළියක් බවට පත්වෙලා නේද?

ඇත්තම කිව්වොතින් ඔව්.

මේ චරිතවලට ලැබෙන ප‍්‍රතිචාර මොනවගේද?

ඇත්තට ම ගොඩක් සතුටුයි. ඒ වගේම මට මා ගැන ආඩම්බරයි. දැනට මගේ ටෙලි නාට්‍ය තුනක් නාළිකා තුනක විකාශනය වෙනවා. ස්වාධීන රූපවාහිනියේ පුළිගු හි පොඩි වෙදනෝනා, ස්වර්ණවාහිනියේ හොඳ වැඬේ හි නිරාෂා ඉන්ටර් නැසනල් හි චාරුණීගේ චරිතය. මේ චරිත තුනම එකිනෙකට වෙනස්.

ඔබ වඩාත්ම කැමැති චරිත එහෙම තියෙනවාද?

මට එහෙම කියන්න බැහැ. හැබැයි මම ඒ චරිත තුනට ම ආදරෙි ගොඩක් ආසාවෙන් රගපාන්නේ.

රංගනයට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

මේක මම සැලසුම් කරලා ආපු ගමනක් නොවෙයි. 2016 වසර වෙනකම් මම හිටියේ වෙනම ක්‍ෂේත‍්‍රයක. 2016 මගේ අම්මා ගේ වියෝවත් සමග මගේ ජීවිතයේ ලොකු පෙරළියක් ඇති වුණා. ඒ තමයි රංගන ජීවිතය. ඒ පෙරළුණ අත හොඳයි කියලා දැන් මට හිතෙනවා.

බැංකු රස්සාව අතහැරලා රගපෑමේ රස්සාව තෝරා ගැනීම හොඳයි කියලා හිතනවාද?

ඇත්තට ම හොඳයි. මම මේ බැංකු ක්‍ෂේත‍්‍රය විවේචනය කරනවා නෙමෙයි. මම බැංකු ක්‍ෂේත‍්‍රයටත් ගොඩක් ආසයි. ගොඩක් වැඩ කරන්න පුළුවන් ක්‍ෂේත‍්‍රයක්. නමුත් තරින්දි පුංචි කාලයේ ඉඳත් කලාවට ලැදි කෙනෙක්. බැංකු ක්‍ෂේත‍්‍රය කියන්නේ ඒකාකාරී ජීවිතයක්. හැබැයි රංගන ජීවිතයේදී මට විවිධ මිනිස්සු හම්බවෙනවා. විවිධ තැන්වලට යන්න අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ තරින්දීට හරියන තැන තමයි රංගනය.

තරින්දිගේ අලූත්ම වැඬේ තමයි දාම්?

දාම් අධ්‍යක්‍ෂණය ධනුෂ්ක රත්නායකගේ් මේක පුංචි පවුලක කතාවක්. මේකේ මම රගපාන්නේ අමායාගේ චරිතය. අමායා කියන්නේ ගුවන් සේවිකාවක්. දැනට නාට්‍ය විකාශනය වන විඳිහට අමායා නැහැ. තාත්තාගෙයි දුවගෙයි අතර තමයි කතාව ගලාගෙන යන්නේ. දැනට වැඩි විස්තර කියන්න බැහැ. ඉදිරියේදී අමායා ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

රංගනයේදී ලැබෙන ආරාධනා ගැන මොකද හිතෙන්නේ?

රංගනය ගැන මම ලොකුවට හදාරලා නැහැ. නමුත් මට ලැබෙන ආරාධනා අනුව සහ ඊට මම සිදු කරන සාධාරණය නිසා මට ලැබෙන ප‍්‍රතිචාර අනුව මට හිතෙනවා අධ්‍යක්‍ෂකවරුන්ගෙන් පවා මට වෙනස් වෙනස් චරිතවලට ආරාධනා ලැබෙනවා කියලා. අනිත් අධ්‍යක්‍ෂකවරුන්ට මා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.

තරින්දි කියන්නේ ක්‍ෂේත‍්‍රයට අලූත් මුහුණක්. ඒ හින්දා අධ්‍යක්‍ෂකවරුන්ගේ ආරාධනා වැඩිපුර ලැබෙනවානේද?

ක්‍ෂේත‍්‍රයට ආපු අලූත මිනිස්සු අතරට සහ අධ්‍යක්‍ෂකවරු අතරට ගියේ තරින්දි කියන්නේ අලූත් මුහුණක් කියන කාරණාව නිසා. මට එහෙම නිර්මාණ ලැබුණා. ඊට පස්සේ මම ඒවාට දායක වුණා. හැබැයි දැන් මට කතා කරන්නේ අලූත් මුහුණක් විදිහට නෙමෙයි. තරින්දිට චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියන විශ්වාසය උඩයි.

මේ ජනප‍්‍රියත්වයත් සමග චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද?

මගේ චරිතය ඇතුළේ මට යමක් කරන්න තියෙන්න ඕනෑ. මුකුත්ම දෙයක් කරන්න නැති බොළඳ චරිත මම භාර ගන්නේ නැහැ. ලොකුවට ඩිමාන්ඞ් කරන්නේ නැහැ. මම රගපෑමට ආසයි. පොඩි පොඩි ප‍්‍රතිපත්ති ටිකක් තියෙනවා. ඒවා බලලා දායක වෙනවා.

ක්‍ෂේත‍්‍රයට තවම නවක මුහුණක් නිසා කැපිලා කෙටිලා එහෙමත් තියෙනවාද?

රංගන ක්‍ෂේත‍්‍රයට විතරක් නෙමෙයි ඔය කතාව ඕනෑම ක්‍ෂේත‍්‍රයකට පොදුයි. හැම ක්‍ෂේත‍්‍රයකටම රංගන ක්‍ෂේත‍්‍රයක් අතහිත දෙන අය වගේම ගරහන අය විවේචනය කරන අය චරිත ඝාතනය කරන අය ආධුනිකයෝ මාර්ගයෙන් ගොසිප් ගහලා දියුණු වෙන්න බලන අය ඉන්නවා. ආපු අලූත මටත් අතහිත දෙන්න කට්ටිය හිටියා. ඒ වගේම මගේ කකුලෙන් ඇඳපු අය වගේම මට අභියෝග කරපු කට්ටියේ හිටියා. බොරු දේවල් කියලා මගේ චරිතය ඝාතනය කරපු අයත් හිටියා. ඒ හැම දේටම මම සාර්ථකව මුහුණ දුන්න නිසා තමයි අද මම බොහොම සාර්ථකව මෙතැන ඉන්නේ.

ආපු ප‍්‍රශ්න එක්ක ක්‍ෂේත‍්‍රය දාල යන්න හිතුණේ නැතිද?

එහෙම කාලයක් තිබුණා. හැබැයි ඒ කාලය බොහොම අමාරුවෙන් ඉබි ගමනින් පසු කළා. මෙතැනින් එහාට මට බය නැහැ.

දැන් ප‍්‍රශ්න නැතිද?

ප‍්‍රශ්න එනවා. ඒවාට මුහුණ දෙන්න ධෛර්යය ශක්තිය මට තියෙනවා.

ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්?

මට ඇත්තට ම හිතාගන්න බැහැ. 2016 න් පසුව මට ගෙන දුන්නේ අභියෝග ජයග‍්‍රහණ විතරයි. ඒ අභියෝග ජයගත් නිසා මම හැම දේකින්ම සාර්ථක වුණා. බාධක කම්කටොලූ නැතිවාම නෙවෙයි.

පිටුපස හැරී බැලූවොත් මට මා ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

පුළිගුහි පොඩි වෙදනෝනා නිසා සටන් කලාවත් ඉගෙන ගත්තා කියන්නේ ඇත්තද?

චරිතයට අනුව සටන් කලාව යම්තාක් දුරට හැදෑරීමක් කරන්න සිද්ධ වුණා. මොකද මේ චරිතය ඇතුළේ ගින්දර එක්ක වගේම වතුර සමගත් සටන් කරන්න තිබුණා.

මේ ජනප‍්‍රියත්වයත් සමග ආදර යෝජනා එමටයිලූනේද?

ආදර යෝජනා එනවා. ඒක ඕනෑම ක්‍ෂේත‍්‍රයට පොදුයි.

ඔය අතරේ නළුවෙක් සමග හාදකමක් තියෙනවා කියන්නේ ?

හාදකමක් තියෙනවා. නළුවෙක්ද නැද්ද කියලා ලබන වසරේ දැනගන්න පුළුවන් වෙයි.

තරින්දි ලබන අවුරුද්දේ කසාද බඳිනවා ?

ඔව්. ලබන වසරේ විවාහ වෙන්න සූදානමින් ඉන්නේ. ඔහු කවුද කියලා මම පසුවට කියන්නම්.

සිනමාවේදී ඔබට ලැබුණු ද ගේම් ගැනත් කතා කරමුනේද?

ද ගේම් ලැබුණු ලොකු චාන්ස් එකක්. මම එහි ප‍්‍රධාන චරිතය රගපාන්නේ එතැනදී මගේ නර්තන හැකියාව මගේ පේ‍්‍රක්‍ෂකයන් ට දැක ගන්න ලැබේවි. මාව මේ චිත‍්‍රපටය ට තෝර ගත්තේ් නිශාන්ත වීරසිංහ මහත්මයා සහ සුරංග අල්විස් මහත්මයා රංජන් රාමනායක කියන සිනමා තරුව සමග තමයි මට වැඩ කරන්න ලැබුණේ. ඒ චිත‍්‍රපටයත් ළගදීම තිරගත වේවි.

දිනේෂ් විතාන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.