Dec 20

ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමග රුසියානු සංචාරකයින් 200කට දිවයිනට පැමිණීමට අවසර


ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් දෙසැම්බර් මස 26 වෙනි දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා රුසියානු සංචාරක කණ්ඩායමකට තම අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටියා.

මෙම රුසියානු සංචාරක පිරිස 200 කට අධික පිරිසකගෙන් සමන්විත වන අතර ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත දෙසැම්බර් මස 26 වෙනි දින පැමිණීමට නියමිත බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සහ එම සංචාරක නියෝජිතයන්ට ද සිදු කළ යුතු දැනුවත් කිරීම් සිදු කර ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ඔවුන් ගුවන් තොටුපළ තුළ සිදු කළ යුතු විෂබීජ හරණය, රේගු සහ ආගමන විගමන කටයුතු මෙන්ම එම සංචාරක නියෝජිතයන් සංචාරක හෝටල් වෙන් කරවා ගැනීම, සංචාරය සදහා අවශ්‍ය බස් රථ සූදානම් කර ගැනීම ආදී කටයුතු වෙත අවධානය යොමු කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම ලබන 26 දින සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදා වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් මේ ආකාරයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අනිවාර්යයෙන් පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කළ යුතු අතර ඒ සදහා එක් දිනක් තුළ එම පරීක්ෂණ මෙරට ගුවන් තොටුපළ තුළ දී සිදු කිරීමේ ධාරිතාවය 3,500 ක් පමණ වන බවත් ඒ අනුව මෙම ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම එක් දිනකට උපරිමය 3,500 ක් විය හැකි බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.