Dec
26
සතොස සභාපති දොට්ට. ලක් සතොසෙනුත් යන්න කියයි
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සභාපති නුෂාඞ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත.
ඊට හේතු වී ඇත්තේ සතොසෙන් රජය බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට එම ආයතනය අපොහොසත් වීම බව වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ලක් සතොස සභාපති ධුරයෙන්ද ඉල්ලා අස්වන ලෙස ඒ මහතාට දැනුම් දී ඇති බව ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
සතොස ආයතනයේ වැඩ බැලීමට අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
අනුර බාලසූරිය, ශ්‍යාම් නුවන් ගනේවත්ත