Dec
26
පිළියන්දල ඕ.අයි.සී. ට පී.එච්.අයිලාට හදිසියේ "ඤාව්" මෙහෙයුමක්
කොරෝනා ආසාදිත නිවැසියන් රෝහල්ගත වීමෙන් දින තුනක් නිරාහාරව හුදෙකලා වී නිවස තුළ කෑගසමින් සිටි පූසෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා පොලිසිය මැදිහත් වී නිවසින් එළියට ගෙන ආහාරපාන ලබාදී තවත් පූසකු හා මිතුරු කිරීමේ අපූර්වතම සිද්්ධියක් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් 23 වැනිදා වාර්තා විය.
ඒ පිළියන්දල, බෝකුන්දර මහජන සෞඛ්‍ය පරීක්ෂක වසමේ නිවසකිනි. මෙම නිවසේ පදිංචි එකම පවුලේ සිවුදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පසුගිය 20 වැනිදා රෝහල්ගත කර තිබිණි.
මේ හේතුවෙන් නිවැසියන් හුරතලයට හදාවඩා ගත් පූසෙකු නිවසේ හුදෙකලා වී තිබිණි. සිය නිවසේ තනිව සිටින සුරතලාට ආහාරපාන ලබාදෙන ලෙස බෝකුන්දර කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් පි‍්‍රයදර්ශන මහතාට නිවැසියන් දින තුනකට පසු දුරකථනයෙන් දන්වා තිබිණි.
පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් මහතා ක්ෂණිකව කි‍්‍රයාත්මක වී එම තොරතුර පිළිබඳව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව ඒ මහතා හරහා පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා දැනුවත් කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් එම නිවසට 23 වැනිදා ගොස් තිබිණි.
ඒ යන විටත් පුසා නිවස තුළ නිරාහාරව විලාප නඟමින් සිටි බවත්, ඒ බව ඇසීමෙන් යාබද නිවසක තවත් මිතුරු පූසෙකු නිවසේ උඩුමහලේ රැුඳී සිටිනු දක්නට ලැබුණු බවත් එම නිලධාරීහු ‘දිවයින’ට පැවසූහ.
පසුව පොලිස් නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැයක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා පූසා නිවසෙන් එළියට ගත් අතර, එලෙස එළියට පැමිණි පූසා සැණෙකින් උඩුමහලේ රැුඳී සිටි මිතුරු පූසා ළඟට දිවගොස් විලාප නඟමින් දැවටෙමින් රැුඳී සිටිනු අයුරු එම නිලධාරීන්ට දැකගත හැකි වී තිබේ.
පසුව එම ස්ථානයේ රැුඳී සිටි නිලධාරීන් දුක්බරව රැුඳී සිටි පූසාට සහ මිතුරු පූසාට ආහාරපාන ලබාදී බිය සැක දුරු කර තිබේ.
පසුව එම නිලධාරීන් අසරණ වී සිටින සත්වයින්ට නිවැසියන් පැමිණෙන තෙක් ආහාරපාන ලබාදෙන ලෙසට අසල්වැසි නිවැසියන්ට උපදෙස් ලබාදී නිවසින් පිට වී ගොස් තිබේ.
මෙම අවස්ථාවට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාක් ද සිල්වා, පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන