Dec
25
ඉන්දියානු කෝවිඩ් එන්නත ඉහළ ප්‍රතිඵල පෙන්වයි
කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඉන්දියානු රජයේ මැදිහත්වීමෙන්, සම්පූර්ණයෙන්යෙන්ම දේශියව නිෂ්පාදනය කරන කොවැක්සින් එන්නත ඉහළ සාර්ථකත්වයක් අත්කර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය උපුටා දක්වමින් එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කර ඇත්තේ එන්නතේ පළමු සහ දෙවන අදියරේ පර්යේෂණවලදී එය වඩාත් ආරක්ෂාකාරී මෙන්ම,වෛරසය පාලනයට ඉහළ ප්‍රතිචාර දක්වන බව තහවුරැ වී ඇති බවයි.
තුන්වන සහ අවසන් අදියරේ පර්යේෂණ එරට නගර විසිදෙකක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අතර එයද මේ වනවිට ඉහළ සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බව සදහන් වේ.
ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සහ භාරත් බයෝටෙක් ආයතනය එක්ව මෙම එන්නත නිෂ්පාදනය කරයි.
මෙම එන්නත සංවර්ධනය වෙමින් රටවලට දරාගත හැකි සහන මිලකට මෙන්ම සාමාන්‍ය ශීතකරණයක පහසුවෙන් ගබඩා කර තබාගත හැකි ආකාරයකට නිෂ්පාදනය කිරීමට කටයුතු සළසා තිබේ.
මේ වනවිට ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙන්සා සහ රැසියාවේ ස්පුටිනික් යන කොවිඩ් එන්නත් දෙකේද නිෂ්පාදනය කටයුතු ඉන්දියාව තුළ ආරම්භ කර තිබේ.
ඒ පිලිවෙලින් පූනෙහි පිහිටි සීරම් ඉන්ඩස්ට්‍රිස් සහ හයිද්‍රාබාද්හි පිහිටි රෙඩ්ඩි ලැබෝටරීස් යන ආයතන දෙක විසිනි.
මෙම එන්නත් තුනම එළඹෙන ජනවාරි මාසයේදී භාවිතය සදහා නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
ලෝකයේ සමස්ත වැක්සීන් නිෂ්පාදනයේ ප්‍රමුඛතම රාජ්‍යය ඉන්දියාව වන අතර ලෝක වැක්සීන් සැපයුමෙන් සියයට හැටක්ම නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ පිහිටි රසායනාගාර කර්මාන්ත ශාලා තුළයි.