Dec 02

ඉදිරි පැය දෙක තුළ ගොඩබිමට එන "බුරවී" සුළි කුණාටුවට නම් තැබුවේ කවුරුද ?


අද රාත්‍රී කාලය වන විට මෙරටට බලපානු ලබන සුළි කුණාටුව සඳහා තබා ඇති නාමය වන්නේ " බුරවී" බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කර සිටියා. මෙම සුළි කුණාටුව සඳහා එම නම තබා ඇත්තේ මාලදිවයින විසින් බවයි තොරතුරු වාර්තා වන්නේ.

2020 ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක සුළි කුණාටු නාමකරණයේදී මාලදිවයින විසින් ලබාදී ඇති එම "බුරවී" යන නාමයේ සැබෑ තේරුම වන්නේ "කඩොලාන" සඳහා මාලදිවයින විසින් භාවිතා කරන නාමයයි.

ඉන්දු - ආර්යයන් භාෂාව ලෙස හඳුන්වනු ලබන Dhivehi යන භාෂාව කතා කරන මාලදිවයින් ජාතිකයින්ගේ භාෂාවෙන් මෙම සුළි කුණාටුව සඳහා නම් තබා ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරන්නේ.

බුරවි සුළි කුණාටුව ඉදිරි පැය දෙක තුළ ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90පමණ වන බවය.

විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි විය හැකිය.

මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදයවරුව වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.