Dec 08

කොරෝනා පැණිය ගන්න මහා ජන සන්නිපාතයක් ධම්මිකගේ නිවස වටලයි


කොරෝනා වෛරසය සඳහා දේශීය ඔසුවක් සොයා ගත් බව කියන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කරයි.

අප කෑගල්ල පොලිසියෙන් කළ විමසීමකදී අදාළ ඖෂධය ලබා ගැනීම සඳහා අද(08) අලුයම් කාලයේදී 5000ක පමණ ජනකායක් පැමිණ සිටි අතර මේ වන විට ඊට අධික පිරිසක් ඒ මහතාගේ නිසව ඉදිරිපිට සිටින බවයි.

පවතින තදබදය පාලනය කිරීම සඳහා කෑගල්ල පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පැණිය ලබා ගැනීම සඳහා කොරෝනා ආසාදිත පුද්ගලයින්ද පැමිණ ඇති බව වාර්තා වීමත් සමඟ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එම ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාල ඖෂධය මගින් කොරෝනා සුවපත් වන බවත් ඖෂධය භාවිත කල අයෙකුට වෛරසය ආසාදනය නොවන බවත් ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත.
 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News | Lanka Gossip | Sinhala News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.