Dec
12
ලක්ෂ 90 ක කුඩු පැකට් කරමින් සිටි යුවළ වැලිසරින් ඇල්ලු හැටි
රුපියල් ලක්ෂ 90 ක හෙරොයින් මත්කුඩු තොගයක් සමග යුවළක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (10 දා) උදෑසන මහබාගේ පොලිසියට හැකි වී තිබිණි.
මට්ටක්කුලිය ප්රදේශයේ සිට පැමිණි යුවළක් වැලිසර තොටුපළ පාර ප්රදේශයේ නිවසක මත්කුඩු ජාවාරමක් කරගෙන යන බවට මහබාගේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම පෙරේදා අලූයම සිදුකර තිබුණි. වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම යුවළ මත්කුඩු පැකට් කරමින් සිටි බව මහබාගේ පොලිසිය පවසයි.
හෙරොයින් මත්කුඩු ප්රමාණ සකස් කිරීමට යොදාගත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් යුවළ පෙරේදා වැලිසර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රඳවා ගැනීමේ මහෙස්ත්රාත් නියෝග මත ප්රශ්න කිරීම් සඳහා යොමුකර ඇති බව පොලිසිය පවසයි. ප්රශ්න කිරීමෙන් පසු මෙම මහා පරිමාණ කුඩු ජාවාරමේ තවත් තොරතුරු හෙළිදරව් කර ගැනීමට පොලිසිය බලාපොරොත්තු වේ.
මහබාගේ පොලිස් ස්ථානාධිපති ප්ර.පො.ප. සුභාෂ් කහඳවල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. රසික මහවත්ත මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකර තිබුණි.
මහබාගේ පොලිස් ස්ථානාධිපති ප්ර.පො.ප. සුභාෂ් කහඳවල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. රසික මහවත්ත මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකර තිබුණි.