Nov 13

ඇමති විමල්ගෙන් ඇමති සබ්රිට පහරක් (Video)


කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට හමුවේ තැබීම ද ඉහත කී ප්‍රාමාණික විද්වතුන් විසින් සිදුකළ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (12) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මාලඹේ ග්‍රාම සේවා වසම් කිහිපයක කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000/- දීමනාව ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස්දහසකට රුපියල් 5000ක දීමනාව ලබා දුන් බවත් එසේම නිරෝධායනයට ලක් වන පවුල් 9000කට රුපියල් දසදහසේ සහන මලු ලබාදී ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

කොවිඩ් -19 රෝගය වැලදී මිය යන අයගේ සිරුරු භූමදාන නොකල යුතු බවටත් ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දු කරනු ලැබුවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් පිරිසක් විසින් බව පැවසූ වීරවංශ මහතා එම තීන්දුව කිසිසේත්ම වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තුළ තීන්දුවක් නොගත් බව අවධාරණය කළේය.

අවාසනාවට අධිකරණ අමාත්‍යවරයා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ එවැනි තීන්දුවක් ගත් බවට හැඟවෙන සටහනක් තබා තිබූ බැවින් රට තුළ මේ පිළිබඳ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වූ බව ද වීරවංශ මහතා මෙහිදී පැවසීය.

කොවිඩ් -19 රෝගය යමකුට වැළදෙන්නේ හෝ එමගින් මිය යන්නේ ජාති – කුල – මල ආගම් භේද බලමින් නොවන නිසා එම භේද පෙරට දමමින් එය තම දේශපාලනයට යොදා ගැනීම කවරකු විසින් හෝ නොකළ යුතු බවට ද මෙහිදී වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. කතෝලික ජනතාවගේ ද මෘතදේහ භූමදාන කිරීම බයිබලයෙහි සඳහන් වූවත් එවැනි ඉල්ලීම් මෙම බරපතළ වසංගත තත්වය හමුවේ එම සමාජයෙන් ඉදිරිපත් නොවන බවත් එවැනි විශ්වාසයක් බෞද්ධයන් තුළ පැවතියා නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ලෝක වසංගත තත්වය හමුවේ ඒ වෙනුවෙන් පෙනී නොසිටින බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මෘතදේහවලට කළ යුතු දේ ගැන විවාද කිරීම පසෙක දමා මේ මොහොතේ මේ රටේ ජනතාව කොවිඩ් -19 වසංගතයෙන් මුදවා ගැනීමට පටු වාද භේද අතහැර සියලු ශ්‍රී ලාංකිකයන් අත්වැල් බැඳගත යුතු බව ද වීරවංශ ඇමතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ, කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
"කැබිනට් මණ්ඩලය මෘත දේහ වළ දැමීම හෝ ආදාහනය පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවෙයි"

"කැබිනට් මණ්ඩලය මෘත දේහ වළ දැමීම හෝ ආදාහනය පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවෙයි" - ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

Posted by Wimal weerawansa on Thursday, November 12, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News | Lanka Gossip | Sinhala News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.