Nov
12
කොරෝනා අස්සේ ගණිකා නිවාසයෙන් ඇල්ලූ තිදෙනාට වෙච්ච දේ
යාපනයේ කොඩිගාමම් පොලිසිය විසින් ගණිකා නිවාසයක් වටලා පිටස්තර පළාත්වල කාන්තාවන් දෙදෙනකු හා ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය පුද්ගලයා පෙරේදා (10 දා) අත්අඩංගුවට ගෙන තිබේ. කාලයක සිට මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ යාපනය කොඩිගාමම් මුරුසුවිල් කරම්බගම් ප්‍රදේශයේ නිවසකය.
කොරෝනා සමයේද මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම නිවස වටලා තිබේ.
අත්අඩංගුවට ගත් තිදෙනාම පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කොට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කොට තිබේ. යාපනය කොඩිගාමම් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ