Nov
23
විදෙස්ගත ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට !
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීට නොහැකිව සිටි විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු අද(23) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ යළි මෙරටට පැමිණ තිබේ.
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එහිදී විවිධ කරදර වලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු අද අලුයම 2.00ට කුවේට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.
ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද අලුයම 1.45ට කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 02 දෙනෙකු අද අලුයම 4.30ට නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මගීන් සියලු දෙනා පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.