Nov
21
විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය
ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා විසින් ප්‍රවීණ රංගන ශිල්පී කරු මහතාගේ ඉදිරි කාලය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට තීරණය කර තිබේ.
සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා මේ බව ඔහුගේ හිතවතෙකුට දන්වන්නැයි දැනුම් දී ඇත.
ඊයේ දිනයේ විල්සන් කරු මහතා රුපියල් පන්දහසේ ආධාර ලබාගැනීමේ පෝලිමක සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලදී.
ආධාර පෝලිමේ දී නිරෝධායන නීති කැඩුවේ යයි පොලිස් නිලධාරින් සමග ගැටුමකට යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබින.
-lankacnews