Nov 21

අයි.ඞී.එච්. එකෙන් පැන්න කොරෝනා හැදුණු කතට කුඩු නඩු


‘කොවිඞ් 19’ වෛරස රෝගය ආසාදිතව අයි.ඞී.එච්. බෝවන රෝග ප‍්‍රතිකාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (19 දා) රාත‍්‍රී තම අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා ද රැගෙන පැන ගිය 25 හැවිරිදි කාන්තාවක් සොයා ඇහැළියගොඩ පොලිසියේ විශේෂ කණ්ඩායමක් ඊයේ (20 දා) පරීක්ෂණ අරඹා ඇත.

මෙම කාන්තාව පෙරේදා (19 වැනිදා) රාතී‍්‍ර 9.10 පමණ රෝහලින් පැන ගොස් තිබිණි.

එසේ පලා ගිය කාන්තාව ඊයේ (20 වැනිදා) අලූයම තමන් පදිංචිව සිටි ඇහැළියගොඩ ප‍්‍රදේශයට පැමිණ දරුවා ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙනුත් පිටව ගොස් ඇති අතර පසුව දරුවා පොලිස් භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

කොරෝනා ආසාදිත එම දරුවා යළිත් කොළඹ අයි.ඞී.එච්. රෝහල වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ඇහැලියගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

එම දරුවා භාර දුන් නිවසේ සිටි පුද්ගලයන් පස්දෙනකු නිරෝධායනයට ලක් කිරීමට ද ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

ඥාති නිවසට දරුවා භාර දීමෙන් පසු ඊයේ අලූයම් කාලයේම යළිත් ඇහැළියගොඩ නගරයට පැමිණ ඇති ඇය ඇහැළියගොඩ සිට ඉඩංගොඩ බලා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක නැගී ගමන් කළ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව ඇය සොයා ගැනීමට ඇහැළියගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේම ඉඩංගොඩ ප‍්‍රදේශයට පිටත් කර යැවීමට කටයුතු කළ බව එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

විසිපස් හැවිරිදි මෙම කාන්තාව ඇහැළියගොඩ ප‍්‍රදේශයේ නමගිය මත්කුඩු ජාවාරම්කාරියක වන අතර ඇයට එරෙහිව මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා කිහිපයක්ම තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි.

සමන් ගමගේ සහ කහවත්ත සමරවීර නිරෝෂණ 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.