Nov 18

වාහන ආනයනයට ඉඩ දෙන්නේ කවදා ද ?


මෙරටට මෝටර් රථ ආනයනය කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අනාවරණයක් කළේය.

ඒ අනුව, වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැවසීය.

"දැනට, වාහන පිටරටින් ගේන්න අවසරදීම ගැන තීරණයක් අරන් නෑ. පැහැදිළිවම වාහනයක් ද මුළු රටක්ද කියලා තමයි අපි බලන්නේ. අපිට මේ මාස 10ක් විතරම විනිමය අනුපාතය 185 ලෙවල් එකේ තියාගන්න පුළුවන් වුණා. වාහන ගේන්න ඉඩ දුන්නා කියලා කියන්නේ මේක යනවා. මේ රටේ එකලස් කරනවා නම් අපි ඕනම සහයෝගයක් දෙනවා. මෝටර් බයිසිකලයක් හරි එකලස් කරනවා නම් ඒක මේ රටේ ආර්ථිකයට එකතු කරනවා අගයක්. ආනයනය නවත්වනවාම කියලා නෙමෙයි මම මේ කියන්නේ. එහෙම එක්ක බෑ. අපි කරන්නෙත් නෑ. සමහර නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය පිටරටින් ගේන්න වෙනවා. ඒක කරනවා. සමහර නිමි භාණ්ඩ අපි ගේන්නේ නෑ. කහ ගේන්නෙත් නෑ," යනුවෙන් ද සඳහන් කළේය.

ආර්ථිකය ප්‍රසාරණය කිරීමට ඉඩ සලසමින් සියලුම ජනතාව එක්ව සංවර්ධනය කරා යොමුකරවීම ඉලක්ක කර ගනිමින් ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත්කර ඇති බවද මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාතංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැවසීය.

බදු සහන ලබාදීම තුළින් ආර්ථික ක්‍රියාවලිය සක්‍රීය වී ජනතාවට වැඩි ආර්ථික අවස්ථා නිර්මාණය වන බව ඔහු පෙන්වා දෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.