Nov
27
මෝල් ගස් පහරින් අටදරු පියා මරුට
එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු විවාහ කරගෙන සිටි පුද්ගලයකු පෙරේදා (25 දා) රාත්‍රියේ පළමු විවාහයේ පුතෙකු විසින් එල්ල කරන ලද මෝල්ගස් පහරකින් පියා මියගොස් ඇතැයි මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතා කීය.
මෙසේ මියගොස් ඇත්තේ මතුගම නවුන්තුඩුවේ පදිංචිව සිටි චන්ද්‍රදාස නානායක්කාර නම් වූ 70 හැවිරිදි අට දරු පියෙකි. මොහු එකම පවුලේ අක්කා සහ නංගී යන දෙදෙනාවම විවාහ කරගෙන සිටි බවත් පළමු විවාහයෙන් දරුවන් පහක්ද දෙවන විවාහයෙන් දරුවන් තිදෙනකු සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම පවුල් දෙක අතර නිතර ආරවුල් පැවැති බව ද පොලිසිය කියයි.
පළමු විවාහයේ සිව්වන පුත්‍රයා අතින් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිසිය සැක කරන අතර සිද්ධියට අදාළව පළමු විවාහයේ පුතුන් දෙදෙනකු සහ දියණියක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මතුගම පොලිසිය ඊයේ (26 දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණ අතර කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබිණි. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.